මහින්දගේ උපන්දින සැමරුමටත් හොඳටම එකතු කරලා …

Date:

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 77 වැනි උපන්දිනය ඊයේ (18) දිනට යෙදී තිබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ වෙනුවෙන් කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක්, ජය පිරිත් දේශනයක් ඇතුළු වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි.

මේ වැඩසටහන් සඳහා පොහොට්ටුව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්ගෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ද දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන්ගෙන් රුපියල් ලක්ෂය බැගින් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සහ සංස්ථා සභාපතිවරුන්ගෙන් රුපියල් 50,000 බැගින් ද එකතුකර ඇති බව ආරංචිමාර්ග පැවසීය.

පිංකම් සඳහා අවශ්‍ය පිරිකර ආදිය සැපයීම පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මට්ටමේ මහජන නියෝජිතයින්ට පවරා දී තිබුණු බවත් වාර්තා විය.

මෙම සමරු වැඩසටහන් සම්බන්ධයෙන් පසුගිය සතියේදී පොහොට්ටුවේ ඉහළ මට්ටමේ නියෝජිතයින් 60 දෙනෙකු කැඳවමින් රැස්වීමක් පවත්වා තිබුණු නමුත් ඊට සහභාගී වී ඇත්තේ 30 දෙනෙකු පමණක් බවත් සඳහන්. එසේ වෙතත් ඊට නොපැමිණි සියලු දෙනා ද මුදල් එවා තිබුණු බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

ඊයේ දිනයේ පැවති උපන්දින සමරු වැඩසටහන් සඳහා ද ආරාධනා ලද සියලුම දෙනාගෙන් කොටසක් පමණක් සහභාගී වී ඇති අතර ඊට නොපැමිණි අයත් තමන්ට ලැබුණු ගිණුම් අංකයකට මුදල් බැරකර ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

මෙම සමරු වැඩසටහන් සංවිධානය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම්වරයකු සහ ප්‍රබල හිටපු අමාත්‍යවරයකු ඇතුළු පිරිසක් විසින් බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...