*
Friday, April 19, 2024
spot_img

Latest Posts

හදිසි විදුලි මිලදී ගැනීමට ලංවිමත් සූදානම් ද?

මෙම වසරේ අප්‍රේල් මාසයේ පටන්, අපි රටක් විදියට දේශපාලනික, සමාජීය සහ ආර්ථිකමය ක්ෂේත්‍රයන් වල දැඩි ලෙස වෙනස්කම් වලට ලක් වූ බව අපි කවුරුත් දන්නා කරුණකි. ඒ අතරිනුත් ආර්ථිකය පහළටම ඇද වැටී, රට බංකොලොත් රටක් ලෙසයි දැන් ලෝකයම පිළිගෙන තිබෙන්නේ.

මේ හේතු නිසා, ලංකා විදුලිබල මණ්ඩලය මගින් ජනතාවට පැය 24 පුරාම විදුලිය ලබාදීමේ අරමුණ ඇතිව සිදුකරගෙන ගිය ව්‍යාපෘති ගණනාවක්ම මේ වන විට අතරමඟ නතර වී තිබේ. ඊට හේතුව නම්, අපට ණය ලබාදුන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, JICA ආයතනය වැනි ණය ලබාදෙන ආයතන ඔවුන් පොරොන්දු වී තිබුණු ණය ලබාදීම නවතා දැමීමයි. IMF එක හරහා ලංකාවට ණය ලබාදීම අනුමත කරන තෙක්, ඒ ආයතන ණය ලබානොදෙන බව තමයි ප්‍රකාශ කර ඇත.

මේ ණය මුදල් නොලැබී යාමෙන් ලංකා විදුලිබල මණ්ඩලයට, රටේ ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා අත්‍යවශ්‍ය, ඉදිකරමින් තිබු LNG බලාගාර, සුළං බලාගාර සහ සුර්ය ශක්ති විදුලි උත්පාදන ව්‍යාපෘති අතරමග නවතා, පිළිතුරක් ලැබෙන තෙක් බලා ඉන්න සිදුව තිබේ. එමෙන්ම මෙම බලාගාර හා ව්‍යාපෘති හරහා ඉදිරියේදී නිපදවීමට නියමිත විදුලිය, සම්ප්‍රේෂණය සදහා ඉදිකරමින් තිබූ හා ඉදිකිරීමට නියමිත ග්‍රිඩ් ව්‍යාපෘති සහ සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ව්‍යාපෘති අතරමග නැවතීම හේතුවෙන්, අදාළ කොන්ත්‍රාත්කරුවන් ඔවුන්ට ගෙවීමට ඇති මුදල් ඉල්ලමින් විදුලිබල මණ්ඩලයට බලපෑම් කරන තරම් අසීරු අවස්ථාවකට අපි අද මුහුණ දෙමින් සිටිමු.

කරුණු මෙසේ තිබියදී, මෑතකදී හරි අපුරු නිර්දේශයක් විදුලිබල අමාත්‍යංශයෙන් ලැබී තිබේ. එනම් 150 MW පමණ හදිසි විදුලි මිලදී ගැනීම් වෙනුවෙන්, ලබන ජනවාරියේ සිට අනුමැතිය අමාත්‍යාංශයෙන් ලබාගන්නා ලෙසයි. මීට කිසිසේත්ම විදුලිබල මණ්ඩලය ලෙස , කිසිම කැමත්තක් දක්වා නැත. මන්ද යත්, අඩු තරමින් මේ දිනවල අප විසින් කරගෙන යන කාර්‍යයන්ටවත් ගෙවීමට මුදල් නැති කොට අලුත් ඒවාට ගෙවන්න හැකියාවක් නැති බව, අපිට හොඳාකාරවම දන්නා නිසාය.

විදුලිබල මණ්ඩලේ ගිණුම පවතින මහජන බැංකුව, දවස ගානේ මණ්ඩලයෙන් නිකුත් කරන චෙක්පත් වලට ගෙවීම් කරන්නේ, ජනතාව ගෙවන මුදල් එකතු වෙන ප්‍රමාණය අනුවයි. එකතු වෙන ප්‍රමාණයට වඩා වැඩිපුර ණයට කීයක්වත් දීමට හැකියාවක් මහජන බැංකුවට නොමැත. මන්ද යත් විදුලි බල මණ්ඩලය, ඒ තරමටම බැංකුවට ණය වී සිටීමය. ඒ නිසා බැංකුව කියන්නේ ද තවත් නම් ණයට දීමේ හැකියාවක් නැති බවයි.

මේ තත්ත්වය දැනගෙනත් “ඇයි මේ හදිසි මිලදී ගැනීම්”, විදුලිබල මණ්ඩලය වෙනුවෙන්ද? නැතිනම් රටේ ජනතාව වෙනුවෙන්ද?, එහෙමත් නැතිනම් ඇත්තටම කවුරු වෙනුවෙන්ද? මෙවැනි අත්තනෝමතික තීරණ ගනු ලබන්නේ. තීරණය ඔබ සතුයි.

ලගදීම මාධ්‍යට කියයි රටේ ජනතාවට පැය 24 ම විදුලිය දෙන්න අපි යෝජනාවක් ගේනවා, ඒකට විදුලිබල මණ්ඩලේ මාෆියාකර ඉංජිනේරුවෝ කැමති නැති බව. අනතුරුව ඒ දේවල් අනුමත කරන අයටත්, මේ අවස්ථාවාදීව යෝජනා ඉදිරිපත් කරන අයත් එක්ක එකතුවී අපිට දොස් කියන්න පුළුවන්. “මණ්ඩලයේ හැමෝම වැඩි පඩි නම් ගන්නවා, ඒත් අපිට විදුලිය නැහැ. මේක විකුණමු, එතකොට ප්‍රශ්න සියල්ල විසඳිලා, මේක සුරපුරයක් වේවි” කියා.

ලංකා විදුලි බල මණ්ඩලය ලෙස අපත් කැමතියි පැය 24 ට පැය 48 ක් වුනත් විදුලිය දීමට. මොකද විදුලි බල මණ්ඩලයේ සේවය කළාට, අපිත් රටේ සාමාන්‍ය විදුලි පාරිභෝගිකයින්. ඒ නිසා අපි කොහෙත්ම කැමති නෑ විදුලි කප්පාදුවට. මොකද එවිට අපේ නිවෙස් වලත් ලයිට් පත්තු වෙන්නේ නැහැ. නමුත් එහෙම දෙන්න දැනට තියෙන බලාගාර වලට අවශ්‍ය ගල් අඟුරු ටික, ඩීසල් ටික මිලදීගන්න වත් වියදම් කරන්න මුදල් නෑ. එහෙම තත්ත්වයක තවත් හදිසි මිලදී ගැනීම් වෙනුවෙන් වියදම් කරන්න මුදල් කොහෙන්ද?. ඒ නිසයි අපි හදිසි මිලදී ගැනීම් වලට යන්න එපා කියා අවධාරණය කරන්නේ.

අපිව කබලෙන් ලිපට ඇද දාන්න එපා කියලයි අපේ මේ ඉල්ලීම. අපි රටේ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි අවශ්‍යතාවය සපුරාලන්න කරගෙන යන ව්‍යපෘති ගැන අවබෝධයෙන්, ඒ සදහා අවශ්‍ය සහයෝගය හා කාලය දෙන්න කියලයි අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ. එහෙම වුනොත් මේ බංකොලොත් රට ගොඩ ගන්න අපිට අපගේ උපරිම දායකත්වය ලබා දෙන්න හැකියාව ලැබේවි.

ලංවිම ඉංජිනේරු සංගමය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan