*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

පසුගියදා රටේ සිදුවූ සියලු අරගල වල ඉදිරියෙන්ම සිටියේ තරුණ පරපුර: නාලක ගොඩහේවා

පසුගියදා රටේ සිදුවූ සියලු අරගල වල ඉදිරියෙන්ම සිටියේ රටේ තරුණ පරපුර බව නාලක ගොඩහේවා මහතා පවසයි.

ඒ දෙස බැලූ කල ජනගහනයෙන් 35% කට වඩා මම සිටින්නේ තරුණ පරපුරයි.

අනාගතය භාරගැනීමට සිටින එකම පිරිස මෙම තරුණ පරපුරයි. එනිසා රටේ තරුණ පරම්පරාව ගැන නොසිතා රටේ කිසිම කටයුත්තක් ඉදිරියට කරගෙන යාමට නොහැකි බව නාලක ගොඩහේවා මහතා අවධාරණය කරයි.

මන්ද රටේ තරුණ පරපුරට ලොකු අවශ්‍යතා සහ ඉල්ලීම් විශාල වශයෙන් ඇති අතර ඒවා පිළිබඳ සංවේදී නොවී රටක් ඉදිරියට ගෙන ගෙන යාමට නො හැකි බව ද ඔහු පවසයි. වර්තමානයේ අයවැය දෙස බලන කල තරුණ පරපුර පිළිබඳ කිසිම අවධානයක් යොමු වී ඇති බව පෙනෙන්නට ඇති බව ඔහු අවධාරණය කරයි.

ජනාධිපතිවරයා කතාවේ දී පමණක් තරුණ පරපුර ගැන කතා කළ නමුත් අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමේදී තරුණ පිරිස් නොසලකා හැරී ඇති බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. එනම් අයවැයෙන් කියන සුරංගනා කතා සහ ප්‍රතිපාදන වෙන් කිරීමේ බරපතළ වෙනසක් ඇති බව යි.

තරුණ පරපුර වෙනුවෙන් මෙම අයවැය අයවැයෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමාණය ඉතාමත් සීමිත වී ඇති අතර ආරක්ෂක අංශයේ එනම් හමුදාවට සහ පොලිසියට විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති බව එතුමා තවදුරටත් පැහැදිලි කරයි. 2021 වසර සහ 2023 වසර අතර බිලියන 76ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර තරුණයන් වෙනුවෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය වෙනුවෙන් බිලියන 2.4 කින් පමණක් වැඩි වී ඇති බව ඔහු පවසයි.

රටේ ශ්‍රම බලකාය රටට ඉතාම වැදගත් බව නැවත කිය යුතු නැති අතර මානව සම්පත් කළමනාකරණය සහ රටේ තරුණ පරපුර අවශ්‍යතාව ඉතාම වැදගත් වන බව වැඩි දුරටත් එතුමා පවසයි. නමුත් ජනාධිපතිවරයා නිපුණතා සංවර්ධනය පිළිබඳ කතා කළ නමුත් ඒ සඳහා තිබූ මුල් ප්‍රතිපාදන වලට අමතරව කිසිදු වෙන් කිරීමක් සිදු කළ නොමැති බව ද පවසයි.

පසුගිය වසරේ නිපුණතා සංවර්ධනය සඳහා මිලියන 2,100 ක් වෙන් කර තිබූ අතර මේ වසරේ මිලියන 668 අඩු කර ඇත. එයින් හැඟී යන්නේ ඒ තරුණ පරපුරට පෙරටත් වඩා ඉතා අසාධාරණ තත්වයක් සිදු වී ඇති බව ඒ මහතා පවසයි.

නිපුණතා සංවර්ධනය සහ වෘත්තීය පුහුණුව යන දෙක රටට ඉතාමත් වැදගත් අංශ දෙකක් වන බවත් වසරකට ලක්ෂ දෙකක් පමණ පාසල් අධ්‍යාපනය අවසන් කර රැකියා වෙලද පොලට පිවිසෙන බවත් ඔහු පවසයි. සීමිත පිරිසක් විශ්ව විද්‍යාල වලට යන අතර අනෙක් අනෙක් පිරිස විශ්ව විද්‍යාල වලින් පිටවී රැකියා වෙළඳපොල වෙත පිවිසෙන බව හෙතෙම අවධාරණය කරයි.

රැකියා වෙළෙඳ පොළ වෙත පිවිසෙන ලක්ෂ හතරක පමණ තරුණ පිරිසට මෙරට රැකියා උත්පාදනය විය යුතුයි. එසේ නොවන්නේ නම් තමන්ගේ ම ස්වයං රැකියාවක හෝ නිරත වීමට හෝ පිට රටකට රැකියාවකට යෑමට හෝ අවශ්‍ය පුහුණුවක් ලබාදිය යුතුයි. ඒ පිළිබඳ කිසිම සැලැස්මක් නොමැති බව කණගාටුවෙන් එතුමා ප්‍රකාශ කරයි.

රැකියා වෙළඳපොලට පැමිණෙන තරුණ පරපුරට රජයෙන් ඒ සඳහා සහයෝගය ලබා දීම් ඉතාම වැදගත් බව එතුමා පවසයි. නමුත් ඒ සඳහා තිබූ ප්‍රතිපාදන පවා අඩු කිරීම හේතුවෙන් එම කටයුත්ත සාර්ථකව කර ගැනීමට නොහැකි වන බව තවදුරටත් ඒ මහතා පැවසීය.

හමුදාවට සහ පොලිසියට බිලියන 76ක් වෙන් කිරීමට රජයට හැකි නම්, රටේ ශ්‍රම බලකායක් වෙනුවෙන් ඔවුන්ගේ සුබසිද්ධිය සඳහා නිපුණතා සංවර්ධනය වෙනුවෙන් මිලියන 40ක් වෙන් කිරීමට නොහැකි වීම ඉතාම ඉතාමත් කනගාටුවට කරුණක් බව ඔහු පවසයි.

ලංකාවේ රැකියා උත්පාදනය ඉදිරියෙන්ම සිටින්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වන අතර ශ්‍රී ලංකාවේ රැකියා වලින් 56% ක් පමණ රැකියා උත්පාදනය කරනු ලබන්නේ ද ඔවුන් ය. නමුත් මේ වන විට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ද ඉතාමත් අසීරු තත්ත්වයකට පත්ව ඇත. විශාල වූ පොලී අනුපාතයක් සහ බදු වැඩි කිරීමෙන්, අමු ද්‍රව්‍ය පිරිවැය වැඩිවීමෙන් ව්‍යාපාර කරගෙන යෑමට ව්‍යාපාරිකයන් කබලෙන් ලිපට වැටී ඇත. මේ නිසා දිනෙන් දින ව්‍යාපාර වැසී යන තත්වයකට පත්ව ඇති බවත් ඔවුන් රට හැර යන තත්ත්වයට පත්ව ඇති බවත් නාලක ගොඩහේවා මහතා පවසයි. එයින් සිදු වන්නේ ද තරුණ පරපුරට විශාල අසාධාරණයකි.

එනම් එක් පැත්තකින් රැකියා පුහුණුවක් නොමැතිකම සහ රැකියා ලබාදීමට ව්‍යවසායකයකු නොමැති වීමත් නිසා අනාගතයේ තරුණ අසහනයක් ඇති වන බවත් අනතුරු අඟවයි. ජනතාවට සුරංගනා කතා පවසමින් ජනතාව මුළා කිරීම නොව ජනතාවට සහනයක් වන පරිදි යථාර්තවාදීව කටයුතු කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටී.

රෂිකා හෙන්නායක
2022.11. 19

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan