*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

බලය අතට ගන්න NPP සටන ඇරඹෙයි – අනුර ජන්ද පිටිය සොලවයි!

කොළඹ LNW:”අද අපි දෙල්කඳ හංදියේ සිට නුගේගොඩ දක්වා දසදහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධතා පෙළපාලියකින් ආවේ ඇයි? ආණ්ඩුව අපේ රටේ වටිනා ජාතික සම්පත් විකිණීමට විරෝධය පාන්න,අසීමිත බදුබරක් පටවමින් ජනතාව මත පටවා තිබෙන පීඩනයට විරෝධය පාන්න; ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අසීමිතව ඉහළ දමා තිබීමට විරෝධය පාන්න. නමුත් මෙය විරෝධය පෑමෙන් පමණක් නතර වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ජනතාවාදී පාලනයක් ගොඩනැගීම සඳහා පෙළ ගැසීමේ විරෝධතා ව්‍යාපාරයක්.” යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ඒ, ඊයේ (18) නුගේගොඩ රැළිය අමතමිනි.

පාලකයින් මහජන ධනය කොල්ල කන විට,ප්‍රජාතන්ත්‍රවාදය හකුළන විට දශක ගණනාවක් සිට විරෝධය දක්වමින් පැමිණ තිබෙන අතර මේ වන විට නිශ්චිත කඩඉමකට පැමිණ තිබෙන බවයි දිසානායක මහතා සඳහන් කළේ.

ලබන වසරේ නොවැම්බර් වනවිට අලුත් ආණ්ඩුවක්, අලුත් පාලනයක පිහිටුවන බවට සහතික වෙන බවත් රනිල් වික්‍රමසිංහ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මේ දුෂ්ට විනාශකාරී පාලනයේ අවසන් අයවැය බවත් හෙතෙම අවධාරණය කළේය.

”මේ අයවැය ඉදිරිපත් කරලා රනිල් වික්‍රමසිංහ කිව්වේ කොට්ට උරයක සේ කනපිට හරවන බවයි. මීට මාස කිහිපයකට කලිනුත් රනිල් කොට්ට උරය අනෙක් පැත්ත හැරවූ බව කිව්වා. දෙපාරක් කොට්ට උරය පැත්ත හැරෙව්වම දැන් තිබෙන්නේ තිබුණු පැත්තමයි. රටේ සම්පත් විකුණමින්, ණය ගනිමින් පැමිණි ගමනේ තවත් පියවරක් පමණයි. රටක සහ ලෝකයේ මිනිසුන්ගේ අවශ්‍යතාවලට අනුකූලවන පරිදි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වෙනස් කරමින් ඉදිරියට ගෙන යන සැලැස්මක් මේ පාලකයන්ට නැහැ. හැමදාමත් කතා කළේ තේ, රබර්, පොල් අපනයන ආර්ථිකයක් ගැන. තේ, රබර්, පොල් තරමටම මේ නායකයන් පැරණියි. ලෝකයේ ඇතිවන වෙනස්කම්වලට අනුරූපී වන පරිදි තාක්ෂණය යොදාගෙන නව නිෂ්පාදන කිරීමට මේ පාලකයන් සමත් වුණේ නැහැ. ලෝකයේ ඇති වන වෙනස්කම්වලට අනුරූපී වන පරිදි අධ්‍යාපනය වෙනස් කිරීමට මේ පාලකයන් සමත් වූයේ නැහැ. ඒ නිසා ලෝකයෙන් කොන්වී, ආර්ථිකය කඩා වැටී, අපරාධවලින් ගහන වූ රටක් ශේෂ වී තිබෙනවා. පුරවැසියන්ට තමන්ගේ අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ඇතුළු භාණ්ඩ සපයා ගැනීමට නොහැකි වූ රටක් බිහිකර තිබෙනවා. මුළුමනින්ම විනාශයට පත්වූ රටක් සහ සමාජයක් අප ඉදිරියේ තිබෙනවා. හැත්තෑ පස්වසරක සාපය මේක තමයි.

රනිල් වික්‍රමසිංහ අයවැයෙන් ඉදිරිපත් කරන්නේ ඒ ශාපයේ දිගුවක්. රනිලගේ අයවැය ලේඛනයේ පළමු පරිච්ඡේදයේම හැත්තෑ පස්වසරකට සාපය නොකියා කියනවා. රනිල්ලාගේ දේශපාලන ප්‍රතිපත්තිය තමයි අයවැය ලේඛනවලින් ඉදිරිපත් කර තිබෙන්නේ. 75 වසරක විනාශය ගැන දැන් ඔවුන් අපට කියනවා. රනිල්ගෙන් හෝ මහින්දගෙන් හෝ ඒ පන්නයේම අනුප්‍රාප්තිකයෙකුගෙන් රට ගොඩනැගීම බලාපොරොත්තු වෙන්න බැහැ. සමගි ජන බලවේගයේ මහත්තුරු කියන්නේ “අපේ ප්‍රතිපත්තිම රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන” බවයි. රට ඉදිරියට ගෙන යා හැකි විකල්ප ආර්ථික උපාය මාර්ගය තිබෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි.

දැන් රනිල් වික්‍රමසිංහ අත තියන්නේ පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවි පොළවල්වලට. අපේ රටේ කිරි කර්මාන්තයට නව තාක්ෂණය ගෙනැත් පරිවර්තනය කිරීම අත්හැර අක්කර විසිඅටදාහක ඉඩම් විකුණා දමන්න සූදානම් වෙනවා. ගොවි පොළවල් 31කට අයත් අක්කර 28000ක් ඉන්දියාවේ ‘අමූල්’ සමාගමට විකුණා දමන්න සැළසුම් කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ විකිණීමේ ලැයිස්තුවේ තිබෙන්නේ පාඩු ලබන ආයතන පමණක් නොවේ. ලංකාවේ රාජ්‍ය ආයතන අතරින් විශාලතම ලාභයක් ලබන ආයතන විකුණනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ගිය අවුරුද්දේ දසලක්ෂ දොළොස්දහස් හාරසිය අසූහයක ලාභයක් ලැබුවා. මේ අවුරුද්දේ සැප්තැම්බර් දක්වා දසලක්ෂ හාරදහස් නවසිය පනහක ලාභයක් තිබෙනවා. රක්ෂණ සංස්ථාවේ බදු ආදායම සහ ලාභාංශ කොටසක් මහා භාණ්ඩාගාරයට ආවා. ලංකා බැංකුවේ ගිය අවුරුද්දේ ලාභය දසලක්ෂ තිස්දහස් නවසිය හැත්තෑ හතයි. මහජන බැංකුවේ ගිය අවුරුද්දේ ලාභය දසලක්ෂ විසි එක්දාහයි. ගුවන් තොටුපළ අධිකාරිය මේ අවුරුද්දේ සැප්තැම්බර් දක්වා දසලක්ෂ විසිහයදාහක් ලාභයි. ජනතාවට අයිති විශාල ලාභ ලබන මේ ආයතන විකුණන්න රනිල් වික්‍රමසිංහට ඉඩ දෙනවාද? ජාතික ජන බලවේගය මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයත් එකක් එකතුවී මේ සම්පත් අනාගතපරපුරට ආරක්ෂා කර දෙන්න ක්‍රියා කරනවා.”

මේ අතර මෙම දිනවල පාර්ලිමේන්තුවේ දූෂණ විරෝධී නාටකයක් දියත් කර තිබෙන බවද ඔහු කියාසිටියේය.

ඒ තුළ තිබෙන්නේ දූෂිතයන් අතර ගැටුමක් වන අතර ජාතික ජන බලවේගයේ අපට අඩු දූෂිතයන් හෝ වැඩි දූෂිතයන් වශයෙන් තෝරා ගැනීමක් නොමැති බවයි ඔහු කියා සිටියේ.

”හොරා නම් හොරා, ජාතික ජන බලවේගයට තිබෙන්නේ දූෂණය නතර කිරීම සඳහා අඛණ්ඩ සටනක්. එය අපි කරනවා. මේ රට ප්‍රපාතයට වැටෙන්න බලපෑවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති පමණක් නොවෙයි; මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණනක් කොල්ලකෑම ඍජුවම බලපෑවා. රනිල් වික්‍රමසිංහගේ පණ තිබෙන්නේ වංචා-දූෂණයේ කප්පිත්තන් වූ පොහොට්ටුව ළඟ. එය අවසන් කළ හැක්කේ ජාතික ජන බලවේගයේ පාලනයකට පමණයි.”

”ඒ වගේම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම දෙදරලා තිබෙන්නේ. ලංකාවේ පොලිසිය කුඩු සම්බන්ධයෙන් සියලු විස්තර දන්නා බව බස්නාහිර පළාත භාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසපති දේශබන්දු තෙන්නකෝන් කියනවා. නමුත් තිහක් හතළිහක් විතර වන ප්‍රධාන කුඩු ජාවාරම්කරුවන් ගැන නොදන්නා බබෙක්ද පොලීසිය. රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලන බලයෙන් දෙපලු කිරීමේ ප්‍රතිඵල තමයි මේවා. කෝප් කමිටුව ඉදිරියට විමර්ශන සඳහා ගෙන්වන චූදිතයන් එක්ක කෝප් කමිටු සභාපතිවරයා ඉඟිබිඟි පානවා. මේ කිසි ආයතනයකට අද වගකීමක් හෝ වගවීමක් නැහැ. ක්‍රිකට් ආයතනය ගැන කැබිනට් මණ්ඩලයේ එකඟත්වයක් නැහැ. පොලිස්පතිවරයෙක් පත්කර ගන්න බැහැ. ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරු ගණනාවකට නඩු තිබෙනවා. රටකට මෙහෙම යන්න පුළුවන්ද? අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයේ නඩු ඉල්ලා අස්කර ගනිමින් යන්න පුළුවන්ද? කඩාදමා තිබෙන මුළු රාජ්‍ය දේහයම ඉහළ සිට පහළට යළි ශක්තිමත් කරන්න ඕනෑ. පොලීසිය අවටත් අපරාධ සිදුකරනවා, පාතාලයෙන් ඉඩම් අල්ලා ගන්නවා. නමුත් කිසිම වගවීමක් නැහැ. රේගුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, පොලිස් ස්ථානාධිපතිවරයාට, කථානායකවරයාට කිසිදු වගවීමක් නැතිව රටක් ගෙනයන්න පුළුවන්ද?”

රාජ්‍ය යාන්ත්‍රණය පමණක් නොව දේශපාලන යාන්ත්‍රණයත් කඩා වැටී තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණත් අනුන්ගේ කැබිනට්ටුවකින් රටට ඉදිරියට යාමට නොහැකි බව අනුර දිසානායක මහතා අවධාරණය කළේය.

”දේශපාලන දේහය විසින් රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවන්න ඕනෑ. රනිල්ට දේශපාලන දේහයක් නැහැ. රනිල් වික්‍රමසිංහ කුමන කමිටුවක් පත් කළත්, ඒ කමිටුවේ සභාපති සාගල. වෙන දේශපාලන දේහයක් නැහැ. ඉස්සර තිබුණේ රාජපක්ෂලාගේ දේශපාලන දේහයක්. රාජ්‍ය දේහය නිසි පරිදි මෙහෙයවන්නේ නැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේදී පවා ඔප්පුවී ඉවරයි.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan