*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

අල් ෂිෆා රෝහලෙන් ගාසා වැසියන් පිටව යයි – රෝහල් පරිශ්‍රයත් මරණයේ කලාපයක් වෙයි!

කොළඹ LNW: ගාසා නගරයේ අල් ෂිෆා රෝහලේ රැඳී සිටින සියලු දෙනාට ඉවත් වන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අංශ ඊයේ දැනුම් දීමත් සමඟ අල් ෂිෆා රෝහලේ රැඳී සිටින පලස්තීන වැසියන් හා රෝගීන් ඉන් පිටත්වීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

රෝහල තුළ ඇති වූ මෙහෙයුම්වලදී ඊශ්‍රායලය සිදුකළ ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 80 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි අල් ෂිෆා රෝහල් පරිශ්‍රයද මරණ කලාපයක් බවට පත්ව ඇත.

රෝහල තුළ 7,000ක පමණ පිරිසක් රැඳී සිටින අතර විදුලිබලය හා පානීය ජලය නොමැතිවීම හේතුවෙන් තවත් සිය ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා කර තිබේ.

එමෙන්ම ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේ පිහිටා ඇති ජගත් සංවිධානයට අයත් පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් එහි රැදී සිටි විශාල පිරිසක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇත.

හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 12,300 දක්වා ඉහළ ගොස් ඇති බවත් තවත් 2,000කට වැඩි පිරිසක් සුන්බුන් යට වැළලී යමින් සිටින බවත්ය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan