*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

මේ වසරේ සංචාරක පැමිණීමේ දැවැන්ත වෙනසක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වසරේ මෙරටට සංචාරකයින්ගේ පැමිණීමේ වැඩි ප්‍රතිශතයක් අපේක්ෂා කරන අතර, 2018 වර්ෂයේ පැමිණි සංචාරක ප්‍රමාණය ඉක්මවා යනු ඇති බවට බලාපොරොත්තු වේ.

මේ වන විට සංචාරකයින් ගේ පැමිණීමේ තොරතුරු වලට අනුව පළමු මාස ​​පහ තුළදී රට තුළට සංචාරක නෞකා 30කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බැවින්, 2018 වසරේ දී පැමිණි සංචාරක ප්‍රමාණය ඉක්මවනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අලෙවි අධ්‍යක්ෂ දුෂාන් වික්‍රමසූරිය මහතා පැවසීය.

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා විවේක ගැනීමට නවාතැන් පහසුකම් සහ ආහාර පාන භෝජන සංග්‍රහ, සාප්පු සවාරි, විනෝද චාරිකා සහ ප්‍රවාහනය වැනි දේ ව්‍යාපාරික මට්ටමින් සිදුකරගෙන යනු ලබන කුඩා කර්මාන්ත කරුවන්ට මෙමඟින් දේශීය ආර්ථිකයට දායක වීමට මහඟු අවස්ථාවක් සැලසේ. තවද විශාල රැකියා අවස්ථා උත්පාදනයට ද මඟ පාදයි. එම ප්‍රදේශවල ආර්ථික මට්ටමද වර්ධනයට හේතු වෙයි.

තවද, ඉන්දීය සංචාරකයින් සඳහා වීසා ලබාදීමේ ක්‍රමවේදයක් පිළිබඳව සොයා බැලීමට සාකච්ඡා කරමින් සිටින බවද සඳහන් වේ.

තවද ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ ප්‍රථම වරට සුඛෝපභෝගී ඉන්දියානු Cordelia නෞකාව මඟින් සංචාරකයන් ගෙන්වීමේ ක්‍රමවේදය හරහා මේ වසරේ ඉන්දියානු සංචාරකයන් 80,000 ක් ගෙන්වීමට අපේක්ෂා කරන අතර, එමගින් ඉදිරි මාස හතර තුළ ඩොලර් මිලියන 18 ක සංචාරක ආදායමක් අපේක්ෂා කරයි.

Celebrity Cruises විසින් මෙහෙයවනු ලබන ‘Celebrity Edge’ නෞකාව අද ඉන්දියාවේ කොචි සිට කොළඹ දක්වා ශ්‍රී ලංකාවට පැමිණෙන අතර, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවලින් මගීන් 2,780 ක් සමඟ කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,273 ක් ද ඉන් පැමිණෙන බව සඳහන් වේ.

මෙම Celebrity Edge’ නෞකාව මීටර් 306 ක් දිග යාත්‍රාවක් වන අතර, තට්ටු 15 කින් සහ නවීන පහසුකම් වලින් සමන්විත වේ. නොවැම්බර් 13 වෙනිදා ඩුබායි සිට යාත්‍රා කර නොවැම්බර් 16 වෙනිදා මුම්බායි නැව් තටාකයට පැමිණි ‘Celebrity Edge’ එහි දින 12 ක ගමනේ කොටසක් ලෙස තායිලන්තයේ ෆුකෙට් වෙත ගමන් කරයි. අවසාන ගමනාන්තය වන්නේ සිංගප්පූරුව වන අතර සියළු ගමන් නොවැම්බර් 25 වැනිදා අවසන් වේ.

Celebrity Edge’ මෙහෙයවනු ලබන්නේ Celebrity Cruise විසිනි, එය සුප්‍රසිද්ධ සංචාරක කෲස් ලයින් සන්නාමය වන Royal Caribbean Cruise යටතට අයත් සමාගමකි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan