නීතිපති උපදෙස් සඳහා තවත් නඩුවක් ලබන 23 කැඳවීමට නියෝග!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ (LNW):

නීතිපති උපදෙස් සඳහා , ඊ ටී අයි සහ ස්වර්ණමහල් යන ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහි නඩුව ලබන 23 වනදා කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ බව සඳහන් වේ.

ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ, තැන්පත්කරුවන් දහස් ගණනකගේ මුදල් වංචා කරමින්, පෞද්ගලික පරිහරණයට යොදා ගත් බවටයි.

නාලක එදිරිසිංහ / ජීවක එදිරිසිංහ / අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ මෙහි සැකකරුවන් වන බව සඳහන් වී ඇත.

ඊ ටී අයි සමාගම සහ ස්වර්ණමහල් ආයතනය විකුණන මුවාවෙන් මුදල් උපයා නීති විරෝධි ගිණුමකට රුපියල් බිලියන 7යි දශම දෙකක් ද බැරකර ගෙන ඇති බවටත් ඔවුන්ට චෝදනා එල්ල වන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...