දැන් ගල් අරක්කු බෝතලේ 4000යි. මිනිස්සුන්ට අරක්කු නෙවෙයි බදු බොන්න වෙලා තියෙන්නෙ – දිලිප්

‘ගල් අරක්කු’ නමින් ප්‍රචලිත මත්පැන් බෝතලයක් නිපාදනය කිරීම සඳහා යන වියදම රුපියල් 1750ක් පමණක් වුවත් රජය ඊට රුපියල් 2250ක් බදු වශයෙන් අයකරන බැවින් එහි මිල රුපියල් 4000ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

“කසිප්පු බීම නතර කරලා මිනිස්සුන්ට නීරෝගී සුවය ලැබෙන්න ගල් අරක්කු බෝතලේ මිල අඩුකරනවා කිව්වා. දැන් ගල් අරක්කු බෝතලේ කීයද ? රුපියල් 4000 යි. රුපියල් 1750 යි වැයවෙන්නෙ ගල් අරක්කු බෝතලයක් නිෂ්පාදනය කරන්න. රුපියල් 2250ක් බදු ගහනවා. අපේ මිනිස්සු බොන්නෙ, ධීවරයො බොන්නෙ ගල් අරක්කු නෙවෙයි දැන් බදු බොන්න වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ වගේ බොරු කියලා, මේ වගේ රටේ මිනිස්සු රවට්ටලා බලය ලබාගත්තෙ. මේ මිනිස්සුන්ට සහන දෙන්න. ඔහෙලා මේ භාණ්ඩාගාරය පුරවාගෙන ඉන්න එපා, මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නෑ. ඒ සහන ලබාදෙන්න”

දිලිප් වෙදආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (19) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චේරනුවාණන් අබියස

මහා කිවිඳුට දාව ඉපදුණවිසල් කවියක් ළඟකොම්බුවක් සේ බලා ඉන්නෙමිඑකත්පස්...

මාලිමාවට බලය හිමි සොරණාතොට අයවැයත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ 2027...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශනයකට අත්සන් තබයි! (PHOTOS)

කොළඹ LNW:ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ නව පනත් කෙටුම්පත්...