මේ කන්නයෙන් පස්සේ හාල් ඇටයක්වත් රටින් ගේන්නේ නෑ. දැනට රටින් ගේන්න වෙනවා – නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දැනට වගා කටයුතු ආරම්භ කර ඇති මහ කන්නයේ අස්වනු නෙළීමෙන් පසු සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.

“හාල් පිටරටින් ගෙන්වන්නෙ මොකද, මේ ප්‍රශ්නෙ විසඳන්න අපි සෑහෙන උත්සාහයක් ගත්තා. අපි ආණ්ඩුව ගන්නකොට රජයේ ගබඩාවල වී ඇටයක්වත් තිබ්බෙ නෑ. කලින් ආණ්ඩුව ගිය කන්නයේ වී ඇටයක්වත් මිලදී ගත්තෙ නෑ සහ තිබුණු වී ටික රුපියල් 50ක් රජයට පාඩු තියාගෙන වික්කා. මේවාට අදාළව පරීක්ෂණ අපි අනිවාර්යයෙන් පටන් ගන්නවා. අපි ආණ්ඩුව ගන්නකොට මහ කන්නය පටන්ගෙන. මහ කන්නය පටන් ගන්නෙම ගොවියා යල කන්නයේ අස්වනු විකුණලා. එහෙම නම් ගොවියා ළඟත් වී නැහැ. එතකොට එහෙම නම් වී තියෙන්නෙ කවුරු ගාවද, හාල් තියෙන්නෙ කවුරු ගාවද ? අතරමැදියා සහ මහ මෝල් හිමියෝ ළඟ. එතකොට ඒගොල්ලොත් එක්ක සාකච්ඡා වට කිහිපයක් කළා. ජනාධිපතිවරයාම මේකට පෞද්ගලිකව මැදිහත් වුණා. මේක බේරාගන්නම බැරිනම්, මේක ඇතුළෙ පිනුම් ගහන්න ලෑස්ති වෙනවා නම් මේක මට්ටු කරන්නත් අපට ක්‍රියාමාර්ග ගන්න වෙනවා. කොටින්ම ගත්තොත් අපි ජනතාවට සහතික වෙනවා ලබන දැන් මේ කන්නයේ අස්වනු නෙළන්න පටන් ගත්තාට පස්සෙ වී ගබඩා අපි පුරවනවා. මේ ප්‍රශ්නෙ බේරනවා. ඒ වගේම තමයි හාල් ප්‍රශ්නය ඇතිවෙන්න අපි ඉඩ තියන්නෙ නෑ. අනිවාර්යයෙන්ම මේ කන්නෙන් පස්සේ අපට හාල් ඇටයක්වත් පිටරටින් ගේන්න අවශ්‍ය වෙන්නෙත් නෑ. සංචාරක කර්මාන්තයට අදාළ හාල් ටික ගේන්න වෙනවා, එහෙම නැතිව හාල් ගේන්න වෙන්නෙ නෑ”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (නොවැම්බර් 20) පාර්ලිමේන්තු සංකීර්ණයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වෙළඳපොලේ පවතින සහල් හිඟයට පිළියම් වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඊයේ ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත් මහමැතිවරණයට පෙර ජාජබ ප්‍රධානීන් ජනතාව හමුවේ පොරොන්දු දී තිබුණේ සහල් ඇටයක්වත් පිටරටින් ආනයනය නොකරන බවට ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...