ඔබේ දරුවාත් ප්‍රමාණය ඉක්මවා ඩිජිටල් තිර ඉදිරියේ ද?

0
257

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ (LNW):

අවිදුර දුෂ්ටිකත්වය හෙවත් දුර නොපෙනීමේ අක්ෂි රෝගය , කුඩා දරුවන් අතර වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

අද වනවිට ප්‍රමාණය ඉක්මවා ඩිජිටල් තිර භාවිත වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය අනූශා තැන්නේකුඹුර මහත්මිය කියා සිටී.

එම අක්ෂි රෝගයට කුඩා දරුවන්ගෙන් 30%ක් පමණ ගොදුරු වී ඇතැයි ඇය සඳහන් කළ අතර, ඉදිරි දශකයක කාලය තුළ එය 50% ඉක්මවා යා හැකි බව විශේෂඥ වෛද්‍ය අනුශා මහත්මිය පෙන්වා දී ඇත.

එබැවින් දෙමාපිය සහ වැඩිහිටි සැමගේ දැඩි අවධානය සහ සැලකිලිමත්භාවය තුළින් මේ අවාසනාවන්ත උවදුරින් දරුවන් ගලවා ගත හැක.