සටහන – රුවන් නෙළුගොල්ල
10 වැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරකසභා සභාපතිවරිය වශයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී, හේමාලි වීරසේකර මහත්මිය තෝරා පත්කර ගන්නා ලදී.
ඒ සඳහා යෝජනාව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අතර සමන්මලී ගුණසිංහ මහත්මිය විසින් එය ස්ථිර කළාය.