විදුලි ගාස්තු ගැන තීරණාත්මක තීන්දුවකට?

Date:

කොළඹ LNW:මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජිතයින් හමුවී සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

අද (21) එම සාකච්ජාව පැවැත්වීමට නියමිත අතර විදුලි ගාස්තු සංශෝධනය ඇතුළු ආයතන ක්‍රියාපටිපාටිය ගැන එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.

IMF වැඩසටහන යටතේ සුවිශේෂී අවධානයක් බලශක්ති ක්ෂේත්‍රය දෙසට යොමුව තිබෙන අතර විශේෂයෙන් විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය සැකසීමට අද දින සාකච්ජාවේදී අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටද නියමිතයි.

පසුගිය ඔක්තෝබර් මස 24 වැනි දින ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලියක් භාරදෙනු ලැබූ අතර එහිදි විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 6.6%කින් අඩු කිරීමට යෝජනා කර තිබුණ ද එම ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බවයි මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී තිබුණේ.

ඒ අනුව නව යෝජනාවලියක් සකස් කර යළි කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇත.

එම නව යෝජනාවලියට අවශ්‍ය උපදෙස් අද දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ පැවැත්වෙන සාකච්ජාවේදී ගනු ඇති.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...