ගාසා තීරයේ සැරි සැරූ Netanyahu!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා තීරයෙන් මුදා හරින සෑම ඊශ්‍රායල ජාතිකයෙකු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5ක ත්‍යාගයක් ලබා දෙන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

ඒ , ඊශ්‍රායල අගමැතිවරයා ප්‍රකාශ කළේ, එම ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමිනි.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, හමාස් සටන්කාමීන් ග්‍රහණයේ රඳවා සිටින ඊශ්‍රායල ජාතිකයින් නිදහස් කිරීමට උදව් ලබා දෙන අයට යුද්ධයෙන් විනාශ වූ පලස්තීන භූමියෙන් පිටතට යාමට මාර්ගයක් විවර කරන බවයි.

ඊශ්‍රායල අගමැතිවරයා මෙම සංචාරයේදී ඊශ්‍රායල හමුදාවේ නෙට්සාරිම් කොරිඩෝව නිරීක්ෂණය කිරීමටද කටයුතු කළ බව All Israel News පවසයි.

මේ වන විට ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ඊශ්‍රායල වාර්තා වලට අනුව 101ක පිරිසක් රැඳී සිටින බව පැවසෙන අතර, එම සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ දැනට මියගොස් ඇති බව ඔවුන් විශ්වාස කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...