ආන්දෝලනාත්මක අපරාධවල වගඋත්තරකරුවන් හෙළිකරන බවට ජනපතිගෙන් සහතිකයක්!

Date:

කොළඹ LNW: ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධයන් එහි වගඋත්තරකරුවන් හෙළිදරව් කරන බවටත් ඔවුන් නීතිය හමුවට ගෙනියන බවටත් සහ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (21) පාර්ලිමේන්තුව අමතමින්ප්‍රකාශ කළේය.

10 වැනි පාර්ලිමේන්තුවේ කටයුතු අද ආරම්භ කළ අතර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම ගැන ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පැවසුවේ නීතිය, යුක්තිය, සාධාරණත්වය ඉටුවන රාජ්‍යක් අවශ්‍ය වන බවයි.

කිසිවෙකුගේ පළිගැනීමට හෝ කිසිවෙකු හඹා ගොස් දඩයම් කිරීමට හෝ වුවමනාවක් නැති බවද ජනාධිපතිවරයා අවධාරණය කරන ලදී.

”කිසිදු දේශපාලකයෙක් හෝ අධිකාරි බලයක් තිබෙන කිසිවෙක් මින් පසුව නීතියට උඩිත් සිටින්නේ නෑ. හැම දෙනාම තීනියට යටත්ව සිටිය යුතුයි. ඒ වගේම නීතිය පිළිබඳව ජනතාවගේ බිඳ වැටුණු විශ්වාසය නැවත තහවුරු කළ යුතුයි. මෙතැනදි කිසිසේත්ම අපිට කිසිවෙකුගේ පළිගැනීමට කිසිවෙකු හඹා ගොස් දඩයම් කිරීමට වුවමනාවක් අපිට නැහැ. හැම කෙනාමට නිදහසේ තමන්ගේ දේශපාලනය කරන්න තිබෙන අයිතිය තහවුරු කරනවා. හැබැයි ලංකාවේ ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධ විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපරාධකරුවන් කල්පනා කරනවා නම් ඒවා කාලයේ වැලිතලාවෙන් යටපත් කරලා අවසන් කරන්න පුළුවන් කියලා ඒ නීතිය පිළිබඳව ජනතාවගේ තිබෙන විශ්වාසයේ බිඳ වැට්ටවීමක්. නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න නම් ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධයන් පිළිබඳව යලි විමර්ශනය කොට වින්දිතයන්ට සාධාරණයත් අපරාධකරුවන්ට දඬුවමත් ලබා දිය යුතුයි. ඒ නිසා විවිධ අවස්ථාවල මේ රටේ සිදුවී තිබෙන අපරාධ තමන්ගේ දේශපාලන වේදිකාවේ දේශාපලන සටන් පාඨ බවට පත් කරගෙන තිබෙනවා. හැබැයි ගොඩනැගුණු කිසිදු රාජ්‍යක් ඒ පිළිබඳ සාධාරණය ඉටු කරගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා මම ඔබට සහතික වෙනවා ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධයන් එහි වගඋත්තරකරුවන් හෙළිදරව් කරන බවටත්, ඔවුන් නීතිය හමුවට ගෙනියන බවටත් සහ වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවට අපි ඔබට සහතිකයක් දෙනවා. අපිට අවශ්‍යයි නීතිය යුක්තිය සාධාරණත්වය ඉටුවන රාජ්‍යක්. ඒ රාජ්‍ය මේ ලැබී තිබෙන ජනවරම තුළවත් ස්ථාපිත කරන් අසමත් වන්නේ නම් යලි එවැනි රාජ්‍යක් පිළබඳව සිහින දැකීමෙන් වත් පළක් නෑ.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...