කුල්ල කුජීත වුණු විජයදාස රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනී!

Date:

කොළඹ LNW:තමන් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව තමන් ඉදිරියේ කිසිම මැතිවරණයකට ඉදිරිපත් නොවන බවයි ඔහු සඳහන් කළේ.

ඊයේ (20) ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ සිටි අවස්ථාවේදීයි රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත මේ බව පවසා තිබුණේ.

ඒ අනුව නැවත පාර්ලිමේන්තු පැමිණීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයට ඔහු ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විය.

පසුගිය ජනාධිපතිවරණය වන විට ජනතාවට තෝරාගත හැකි විකල්පයක් නොවුණු නිසා ඉතිහාසයේ ප්‍රථම වතාවට වැඩිම අසන සංඛ්‍යාවක් තනි දේශපාලන පක්ෂයකට ලබා දී ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් පවතින බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.

ඒ අනුව ඉතිහාසයේ වෙනත් ආණ්ඩුවකට පැවරුණේ නැති තරමේ වගකීමක් ඔවුන් වෙත පැවරී ඇති බවද ඔහු මාධ්‍ය හමුවේ කියාසිටියේය.

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේ 225ම හොරු වංචාකරුවන් ලෙස දැක්වීමට මාධ්‍යයත් සමඟින් මෙහෙයුමක ක්‍රියාත්මක වූ අතර නැවත එවැනි අවලාද මැද දේශපාලන කිරීමේ අවශ්‍යතාවක් නැති බවද ඔහු පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...