ශම්මිට මිලියන 500 ක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 21,(LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට සහ එහි කාර්ය මණ්ඩලයට අපහාසාත්මක වන ආකාරයෙන් කරුණු දක්වමින්,දූෂිතයින් ලෙස සමාජගත කිරීමට උත්සාහ කළ බවට සංජීව මහවත්තට එරෙහිව පවරා තිබූ නඩුවක් සම්බන්ධයෙන් මහාධිකරණයට කරුණු පැමිණිළි කරමින්,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා ගොනු කර තිබූ නඩුවක් සම්බන්ධයෙන් අද කොළම මහාධිකරණ විනිසුරු සඳුන් විතාන විසින් පැමිණිල්ලට වාසි වන ආකාරයේ තීන්දුවක් ලබා දුන්නා.


සාධාරණ මත පළ කිරිමක් හෝ මත පල කිරීම මහජන යහපත උදෙසා සිඳුකරන ලද බවට වන කරුණු සනාථ කිරීමේ වගකීම විත්තිකරු වෙත පැවතුණ ද,ඔහු එය ඉටු කර නොමැති නිසා අධිකරණය පැමිණිල්ලේ ආයාචනයේ අයැද ඇති සහන වන රුපියල් මිලියන 500 ක මුදල සම්බන්ධයෙන් පැමිණිල්ලේ ඉල්ලීමට එකඟ වෙමින් විනිසුරුවරයා තින්දුව ලබා දීමට පියවර ගනු ලැබුවා.


ඉදිරිපත් කරන ලද කරුණුවල නිවැරදිතාවය පැහැදිලි කිරීමක් විත්තිකරු විසින් කෙළෙසකවත් සිඳු කර නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා එම නිවැරදිතාවය මෙන්ම මහජන යහපත උදෙසා කරන ලද බවට සනාත කිරීමක් ගම්‍ය නොවුණු නිසා ද විනිසුුරුවරයා සිය තීරණයට එළැඹීම සඳහා විත්තිකරු විසින් කරන ලද පැමිණිළි පැමිණිකරුට හානි කිරීමේ චේතනාවෙන් කරන ලද බවට ද නිගමනය කරනු ලැබුවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...