වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (නොවැම්බර් 21) දිනයේදී උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩාවේදී හැමෝම සමානයි – ඔලිම්පික් සභාපතිනිය කියයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: "අපි සියලු හඬවල්වලට සවන්...

නාමල්ලාගේ “මහා ජන හඬ” ආණ්ඩු විරෝධී රැලිය අද නුගේගොඩදී

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව සංවිධානය කරන...

පුටුවත් නැතුව අටුවත් නැති වෙයිද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: කටාර් හී පැවත්වෙන ආසියානු...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම එකතු කරයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස්...