ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග මේ ක්‍රියාත්මක කරන්නේ 17 වැනි වැඩසටහන බවත් ඒ අතරින් එම ගිවිසුම ඉතාම වෘත්තීය මට්ටමින් සහ මහත්වරුන් ලෙසින් අවසන් කරන එකම ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බවත් ප්‍රවාහනය හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
“අපි IMF එකත් එක්ක සාකච්ඡා කරනකොට මේගොල්ලන් මොකක්ද කිව්වෙ ? අපේ ටීම් එක දක්ෂ නෑ කිව්වා, හර්ෂණ සූරියප්පෙරුම මදි කිව්වා, මේගොල්ලන්ගෙ කවුරුහරි හයර් කරන්න කිව්වා. දැන් මොකක්ද වුණේ අන්තිමට ? මං හිතන්නෙ IMF එකේ ඉතිහාසයේ IMF එකත් උත්සාහ කරනවා – ලංකාව මේ 17 වැනි IMF ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නෙ, මේ 17න් මේකයි ප්‍රොෆෙෂනල් විදියටයි, අර ජෙන්ට්ල්මන් ලෙවල් එකෙන් අපි මේ ඇග්‍රීමන්ට් එක අවසන් කරන පළවෙනි ආණ්ඩුව අපි. මේගොල්ලො IMF එක මෙහෙ ආවාම එකක් කියනවා, එහේ ගිහිල්ලා දණ ගහනවා. අපි එහෙම නැහැ. අපි සුපර් ටීම් එකක් යැව්වා. ඒක IMF එකත් කිව්වා. ඒ නිසා තමයි අපි IMF වැඩසටහනේ ඉන්නවා පඩි වැඩි කරකර. ඔය විදේශ රටවල්වල වාමාංශික නායකයො හම්බුණාම අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය ඒකයි. ‘ඕගොල්ලො කොහොමද IMF එකත් එක්ක ඉන්නෙ ? පඩි වැඩි කරේ ? ඕගොල්ලො ආයතන කීයක් වික්කද ?’ එහෙම තමයි පටන් ගන්නෙ. අපි එකක්වත් විකුණලා නැහැ. අපි සුබසාධනය වැඩිකරලා තියෙනවා IMF එකත් එක්ක ඉන්න ගමන්. අපි පඩිවල මූර්ත අගය වැඩිකරලා තියෙනවා IMF එකත් එක්ක ඉන්න ගමන්”
බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.


