ජනාධිපතිවරයාට සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනාට නම් සුපිරි ජීවිත සහ පොහොසත් රට උදාවී ඇති නමුත් රටේ සාමාන්‍ය ජනතාවට ඒ භාග්‍ය අහිමි වී ඇති බව
“මේක හිස් අයවැයක්. පුස් අයවැයක්. ජනතාව බලාපොරොත්තු වුණු සහන නොලැබුණු අයවැයක්. මහාභාණ්ඩාගාරය පිරි ඉතිරි යනවායි කියපු ආණ්ඩුව ඇයි මේ තරම් මැළිවෙන්නේ රටේ ජනතාවට සහන ලබාදෙන්න ? ජනාධිපතිවරයා ප්රමුඛ පාර්ලිමේන්තුවේ 159ට සුපිරි ජීවිතයක්. ඒගොල්ලොන්ට තියෙනවා පොහොසත් රටයි, ලස්සන අදයි, ලස්සන හෙටයි ඔක්කොම. රටේ ජනතාවට ඒ භාග්‍ය නෑ. අභාග්‍ය සම්පන්න ඉතාමත්ම නිර්ලජ්ජිත අයවැයක් කියලා තමයි කියන්න තියෙන්නෙ”
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවති අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


