මෛත්‍රීගෙන් ආන්දෝලනාත්මක කතාවක් – පොතකුත් ලියා අවසන්ලු (VIDEO)

Date:

රාජපක්ෂවරුන් සහ තමන් අතර ගැටුම් ඇතිවූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (19) ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකළේය.

“එදා මූලාසනයේ හිටියේ එවක අගමැති දී. මු. ජයරත්න. මටත් වාඩිවෙන්න කියලා එවක ජනාධිපති කිව්වා. ඒ අතරේ මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් ඇහුවා. අධිවේගී හා අනෙකුත් පාරවල් හදද්දී දූෂණ සිදුවෙනවා කියලා. ඒක ආණ්ඩුවට හොඳ නැහැ කිව්වා. ඊට පසු දින මට දුරකථන ඇමතුමක් ලැබුණා. අරලියගහ මන්දිරයට එන්න කියලා. මම උදේ අරලියගහ මන්දිරයට ගියා. යද්දී වියරු සහගත මූණක් මම දැක්කේ. ඊයේ වංචා, දූෂණ ගැන කතාකරලා තියෙනවලු නේද ? මම මුකුත් කිව්වේ නැහැ කියලා කිව්වා. පාරවල්වලින් හරියට වංචා දූෂණ සිදුවෙනවා කියලා. මම කිව්වේ නැහැ කියලා කිව්වා. එතැන හිටියා පෙර දින රැස්වීමට ආපු ආචාර්ය පී. බී. ජයසුන්දර, පී. බී. මෙයා කිව්වේ නැද්ද එහෙම ? ඇමතිතුමා නම් එහෙම කිව්වා කියලා මට මතක නැහැ කිව්වා. මට ඇඟිල්ල දික්කරලා කිව්වා. ඇමති සහ පක්ෂයේ ලේකම්ට වංචා ගැන කතාකරන්න බැහැ. තනතුරු දෙකම දරන්න පුළුවන්කමක් නැහැ කිව්වා. ඒක තමා මට ලැබිච්ච උත්තරේ. එතන හිටියොත් තව දේවල් අහගන්න වෙනවා කියලා හිතුණා. මම පස්සෙන් පස්සට ගිහින්. මගේ ගෙදර හෝ අමාත්‍යාංශයට මම ගියා…

මගේ හිත පෑරුණ සිද්ධියක්. මගේ පළවෙනි අර්බුදය ටෙන්ඩරයක් පිළිබඳව. මම පරිසර ඇමති කාලයේ අමාත්‍යාංශ ලේකම් ආවා. තව කිහිපදෙනෙකුත් හිටියා. ෆයිල් අත්සන් කරද්දී ටෙන්ඩරයක් ගැන ෆයිල් එකක් තියෙනවා. මොකද මේක හදිස්සිද ? ඕක ඉක්මනට අත්සන් කරලා එවන්න කිව්වා. කවුද කිව්වේ ? මම ඇහුවා. ඒක කියපු කෙනාගේ නම ලේකම්වරයා කිව්වා. ඔහු දැන් ලංකාවේ නැති කෙනක්. හෙට අනිද්දා එනවා කියලා ආරංචියි. මම කිව්වා ටෙන්ඩරයට අත්සන් කරන්නේ නැහැ. මට හදිස්සියක් නැහැ ඕක කියලා. ලේකම්තුමා ගියාට පස්සේ එතැන හිටපු කෙනෙකුගෙන් අයෙක්. අත්සන් ගන්න කියපු කෙනාට ඒක කිව්වා. එදා ඉඳන් මම හා රාජපක්ෂවරු අතර ප්‍රශ්න”

එසේම රටේ දේශපාලනය පිළිබඳ ජනතාව නොදන්නා කරුණු ඇතුළත් කරමින් තමන් පොතක් ලියා ඇති බව පැවසූ ඒ මහතා තමන් ජනවාරි මාසයේදී එම පොත එළිදක්වන බවත් පොත නිකුත් වූවාට පසු තමන්ට කුමක් වේදැයි නොදන්නා බවත් ප්‍රකාශ කළේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ පෙරේදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...