*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

සමරිසි සමාජ ශාලාවකට නැවත වරක් වෙඩි ප්‍රහාරයක්. පස් දෙනෙකු මරුට!

මෙය වෛරී ප්‍රහාරයක් ද? විමර්ශන දියත් වෙයි..

22 දෙහැවිරිදි ගිනි අවියක් රැගත් පුද්ගලයකු එක්සත් ජනපදයේ කොලරාඩෝ ප්‍රාන්තයේ කොලරාඩෝ ස්ප්‍රිංස් හි LGBTIQ ප්‍රජාව පැමිණෙන රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදී වෙඩි ප්‍රහාර දියත් කර ඇති බව වාර්තා වේ.

ඊයේ (20) දින Club Q නම් LGBTIQ ප්‍රජාව පැමිණෙන සමාජ ශාලාව තුළ සිදුකළ මෙම වෙඩි ප්‍රහාරයෙන් එම සමාජ ශාලාව තුළ සිටි පුද්ගලයන් පස් දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්ව 25 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

මෙසේ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ඇන්ඩර්සන් ලී ඇල්ඩ්‍රිච් ලෙස හඳුනා ගෙන ඇති අතර, දිගු රයිෆලයක් සහ ගිනි අවි දෙකක් අපරාධය සිදූවූ ස්ථානයේ තිබී සොයාගත් බව කොලරාඩෝ ස්ප්‍රිංස් ප්‍රධාන පොලිස් නිලධාරී ඒඩ්‍රියන් වැස්කෙස් මහතා පැවසීය.

සිදුවීම ඇසින් දුටු LGBTIQ අනන්‍යතාවයක් ඇති සාක්ෂිකරුවකු පවසා සිටියේ කොලරාඩෝ ප්‍රාන්තයේ LGBTIQ ප්‍රජාවට ආරක්ෂා සහිතව එකිනෙකා සමඟ සමාජානුයෝජනය වීමට තිබූ එකම ස්ථානය මෙම සමාජ ශාලාව බවයි. දැන් ඔවුනට බියෙන් ජීවත් වීමට සිදුව ඇති බව ද ඔහු කඳුලු සලමින් පැවසීය.

මෙම ප්‍රහාරය සිදුවූ මොහොතේ සමාජ ශාලාව තුළ සිටි මිනිසුන් දෙදෙනෙකු වත් මැදිහත් වී වෙඩික්කරු තවදුරටත් වෙඩි තැබීම වළක්වාලමින් අල්ලා ගත් බවට වාර්තා වන අතර, ඔවුනට තම ස්තූතිය පළ කිරීමට ද කොලරාඩෝ ස්ප්‍රිංස් ප්‍රධාන පොලිස් නිලධාරීවරයා අමතක නොකළේය.

මෙම ප්‍රහාරය LGBTIQ ප්‍රජාව කෙරේ ඇති වෛරය මත පදනම් වූ අපරාධයක් ද (hate crime) යන්න විමර්ශන වලින් සොයාබලන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම Club Q යනු අනාදිමත් කලක පටන් LGBTIQ ප්‍රජාව ආරක්ෂාව පතා එකිනෙකා හමුවීමට යොදාගන්නා ස්ථානයක් බවත්, සෑම පුරවැසියකුටම තමා සුරක්ෂිතබව දැනීමට අයිතියක් ඇති බවත්, තම නගරයේ බියෙන් තොරව, වෙනස්කොට සැලකීමකින් තොරව ජීවත් වීමට හැකියාව තිබිය යුතු බවත් වැස්කෙස් අවධාරණය කළේය.

මේ අන්දමින්ම මීට වසර 06 කට ඉහත දී ඕර්ලන්ඩෝ හි LGBTIQ සමාජ ශාලාවකට ඇතුළු වූ වෙඩික්කරුවකු එල්ලකළ ප්‍රහාර මාලාවක් නිසා LGBTIQ ප්‍රජාවේ පුද්ගලයන් 50 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය. ඔවුනට අවසන් ගෞරව දැක්වීමට හිටපු ඩිමොක්‍රටික් ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මහත්මිය පැමිණ සිටීම ද විශේෂත්වයකි.

අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan