Thursday, December 7, 2023
spot_img

Latest Posts

මහ වැසි හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වේ.

සටහන – නදීක දයා බණ්ඩාර

මහනුවර (LNW):
උපරිම ජල ධාරිතාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් වි ඊයේ (20) රාත්‍රී විවෘත විය.
කියුබික් ඝන මීටර් මිලියන 722ක ධාරිතාවයෙන් යුතු එම ජලාශයේ විවෘත වූ වාන් දොරටු මගින් තත්ත්පයට ජලය ඝන මීටර් 159ක් මුදා හැරෙන බව කාර්යයභාර ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

මෙම වර්ෂයේදී වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු විවෘත වූ පළමු අවස්ථාව මෙය වන අතර ඊයේ රාත්‍රී 08.10ට දොරටු දෙක විවෘත විය. එම ජලාශයේ මඩ සොරොව්ව විවෘත කිරීම ද ඊයේ දහවල් සිදුවූ අතර මිනිත්තු විස්සක කාලයක් සොරොව්ව විවෘත කොට දොරටුව අසල තැම්පත්වී තිබුණු මඩ මුදා හැරීමට ඉංජිනේරු කාර්යාලය පියවර ගෙන තිබුණි.

වික්ටෝරියා ජලාශය වාන් දැමීමත් සමඟ සැලකිය යුතු ජල ධාරිතාවයක් පහළ මහවැලි ගංගාවට මුදැ හැරෙන බැවින් ගංගාව පරිහරණය කරන පිරිස් දැඩි විමසිලිමත් විය යුතු යැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සඳහන් කරයි.

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.