අමාත්‍ය මණ්ඩල තීරණ 2023-11-21

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): # ආයෝජන මණ්ඩලයේ නොවන දැනට පවත්නා සමාගම්/ 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනතේ 16 වන වගන්තිය යටතේ අනුමත සමාගම් සඳහා 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පන්තිය 17 වන වගන්තිය යටතේ අනුමැතිය ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමි වෙයි.

# නුවරඑළිය එලිසබෙත් රැජින මාවතේ පිහිටි පැරණි ceybank rest ගොඩනැගිල්ල හා ඉඩම සංවර්ධනය කර පවත්වාගෙන යාමට අනුමැතිය හිමි වෙයි.

# ශ්‍රී ලංකාවේ රජරට විශ්වවිද්‍යාලය සහ ඇමරිකාවේ එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල අතර හවුල් ගිවිසුමකට එළැඹීමට අනුමැතිය ලැබෙයි.

# ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සේවයේ නියුක්ත කරවීම පිළිබඳ ශ්‍රී ලංකා ජනරජය සහ ඊශ්‍රායල් රජය අතර ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම පිළිබඳ තොරතුරු සැලකිල්ලට ගැනේ.

# යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළද ගිවිසුම ( SLTFTA) පිළිබඳ සාකච්ඡා අනුව සකස් කළ ශ්‍රී ලංකාවේ තීරු බදු ලිහිල්කරණ වැඩසටහනට අනුමැතිය ලැබෙයි.

# මාස 6 සිට අවුරුදු 3 දක්වා ළමුන් සඳහා ත්‍රීපෝෂ ඇතුළු ආහාර අතිරේක වැඩසටහන් සඳහා වන ඇල්ෆාටෝක්සින් කඩයිම් මට්ටම සංශෝධනය කිරීමට අනුමැතිය ලැබෙයි.

# ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය ලැබෙයි.

# විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනත සකස් කිරීමේ මූලික කටයුතු කිරීමට අනුමැතිය ලැබෙයි.

# රාජ්‍ය සේවයේ ආරවුල් වැලැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වාදීමට අනුමැතිය හිමි වෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...