නාමල් ඡන්දය දීමෙන් වැළකී යුතුකම ගැන කියයි!

Date:

කොළඹ LNW:මෙවර අයවැය යෝජනා දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙවර ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවල හොද නරක දෙකම ඇති බවත් ඇතැම් යෝජනා ප්‍රායෝගිකව ඉටුකළ නොහැකි ඒවා බවත් ගියවර එනම් 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය යෝජනාම මෙවර අයවැයටද ඇතුළත් කර ඇති බවයි.

අය වැය පරාජය කිරීමේ වගකීම ඇත්තේ විපක්ෂයට නමුත් ඔවුනට එසේ අයවැය පරාජය කිරීමේ උවමනාවක් නැතැයිද නාමල් රාජපක්ෂ මහතා කියාසිටියි.

විශේෂයෙන්ම ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරයකු ලෙස අයවැයේ වැරදි හා දුර්වලතා පෙන්වා ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීමට කටයුතුකිරීම තමන්ගේ යුතුකමක් බවත් ඔහු සඳහන් කරයි.

විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට ප්‍රායෝගික වැඩපිලිවෙළක් අයවැයෙහි නොමැති බව පවසන රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කරන්නේ මෙම අයවැය යෝජනා බිම්මට්ටමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටළු ඇතිබව පෙනී යන බවයි.

උක්ත කරුණු කාරණා නිසා තමා අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වළකින බව ඔහු අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 29) දිනයේදී දිවයිනේ බොහෝ...

ගල් අඟුරු බාල වුණාට රටට පාඩුවක් නෑ – රජයේ ගල් අඟුරු සමාගමේ ප්‍රධානීන් කියයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරය ලබාගත් සමාගම මෙරටට සැපයූ පළමු...

ජාතික කාන්තා කොමිසමේ පළමු සභාපතිනියත් ඉල්ලා අස්වෙයි !

ජාතික කාන්තා කොමිසමේ සභාපතිනිය වූ නීතීඥ රමණී ජයසුන්දර මහත්මිය...

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...