නාමල් ඡන්දය දීමෙන් වැළකී යුතුකම ගැන කියයි!

Date:

කොළඹ LNW:මෙවර අයවැය යෝජනා දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙවර ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවල හොද නරක දෙකම ඇති බවත් ඇතැම් යෝජනා ප්‍රායෝගිකව ඉටුකළ නොහැකි ඒවා බවත් ගියවර එනම් 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැය යෝජනාම මෙවර අයවැයටද ඇතුළත් කර ඇති බවයි.

අය වැය පරාජය කිරීමේ වගකීම ඇත්තේ විපක්ෂයට නමුත් ඔවුනට එසේ අයවැය පරාජය කිරීමේ උවමනාවක් නැතැයිද නාමල් රාජපක්ෂ මහතා කියාසිටියි.

විශේෂයෙන්ම ආණ්ඩුවේ සිටින මන්ත්‍රීවරයකු ලෙස අයවැයේ වැරදි හා දුර්වලතා පෙන්වා ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සහ ඔවුන්ට ප්‍රතිලාභ ලබාදීමට කටයුතුකිරීම තමන්ගේ යුතුකමක් බවත් ඔහු සඳහන් කරයි.

විශේෂයෙන්ම ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට ප්‍රායෝගික වැඩපිලිවෙළක් අයවැයෙහි නොමැති බව පවසන රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කරන්නේ මෙම අයවැය යෝජනා බිම්මට්ටමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටළු ඇතිබව පෙනී යන බවයි.

උක්ත කරුණු කාරණා නිසා තමා අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී ඡන්දය දීමෙන් වළකින බව ඔහු අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...