ජනාධිපතිතුමා කියන දේවල් වුණොත් රට හැදෙනවා – ආශු

Date:

කොළඹ LNW:හොඳ පාර්ලිමේන්තුවක් ගොඩනැගෙනු ඇතැයි විශ්වාසයක් ඇති වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ආශු මාරසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පවසන කරුණු රට තුළ ඉටුවන්නේ නම් රට හැදෙන බවයි මාරසිංහ මහතා සඳහන් කරන්නේ.

”හොඳ පාර්ලිමේන්තුවක් ඇතිවෙයි කියල සතුටක් දැනෙනවා. අපි විශ්වාස කරනවා අනුර කුමාර දිසානායක මැතිතුමාට සුභ පතනවා එතුමා බලාපොරොත්තු වෙන ගමන යන්න ලැබෙන්න කියල. එතුමාගේ සුභවාදී කතා බොහොමයක් දැක්කා. විද්‍යා හා තාක්ෂණය ගැන හොඳ කතා ටිකක් කිව්වා. ඒවා වුණොත් රට හැදෙයි. ටිල්වින් සිල්වා ලේකම්තුමාගේ කතාවයි අනුර දිසානායක ජනාධිපතිතුමාගේ කතාවයි ඇහුවහම හිතෙන දේ තමයි මේ වැඩ ටික වුණොත් රට හැදුනොත් ඉතින් අපිත් සතුටුයි. සහයෝගය දෙනවා. පුද්ගලයින් හැටියට අපි කැමතියි රට හැදෙනවා නම්. මේ රටේ පුරවැසියෝ හැටියට රට දියුණු වෙනවා නම් ඇත්තටම කැමතියි. ඒ දේශපාලන අරමුණ වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවට අපි සුභ පතනවා. විශේෂයෙන් එක තැනකදී කිව්වා මේ රටේ ආයෝජකයින්ට කිසි කරදරයක් නැතුව කොමිස් නොදී අවස්ථාව ලබා ගන්න පුළුවන් කියල ඒවා කරනවා නම බොහොම හොඳයි.” යනුවෙන් ආශු මාරසිංහ මහතා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...

විපක්ෂ නායක සජිත් යුරෝපා සංගම් නියෝජිත පිරිස හමුවේ රට ගොඩ නැගීමට “ණය නොවන” සැලැස්මක් යෝජනා කරයි

දිත්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි...

කථානායක ජගත්ගේ පෞද්ගලික ලේකම්ට එරෙහිවත් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ලේකම්...

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...