පිල්ලෙයාන් අදත් CID එයි!

කොළඹ LNW: හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද (22) දිනයේත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ ආන්දෝලනාත්මක වැඩසටහනේ සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු එලෙස පැමිණ ඇත්තේ.

පසුගිය (20) දිනයේත් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටි අතර ඔහු එහිදී ඉල්ලා තිබුණේ දෙමළ භාෂාවෙත් සිය ප්‍රකාශය ලබාදීමට අවශ්‍ය බවයි.

ඒ අනුව ඊට අදාළ භාෂා පරිවර්තන කටයුතු සූදානම් කිරීමෙන් පසු අද දිනයේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යළි කැඳවා තිබේ.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය ගැන චැනල් 4 නාලිකාවේ විකාශය වූ වාර්තා වැඩසටහන ගැන මහජන ආරක්ෂක ආමාත්‍යාංශය වෙත ලැබී තිබුණු පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විමර්ශනය අරඹා ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...