චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්

Date:

කොළඹ LNW:මෙම වසරේ මුල් මාස දහයේ චීනයේ විදේශ වෙළඳාමේ ආනයන හා අපනයනවල සමස්ත වටිනාකම පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.2%කින් වර්ධනය වී තිබෙනවා.

චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ අද(22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළා.

එහිදී චීන වාණිජ අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය, චීන මහ බැංකුව සහ රේගු මහා පරිපාලනය යන ආයතනවල අදාළ නිලධාරීන් විදේශ වෙළඳාමේ ස්ථාවර වර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා අදාළ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග හඳුන්වා දී තිබෙනවා.

චීන වාණිජ අමාත්‍යාංශයේ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා පිළිබඳ නියෝජිත සහ උප ඇමති Wang Shouwen මහතා එහිදී පැවසුවේ, 2024 වසරේ සිට, චීනයේ විදේශ වෙළඳාමේ සංවර්ධනය මනා ගම්‍යතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි.

මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා චීනයේ සමස්ත විදේශ වෙළඳ ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 36කි. එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 5.2%ක වර්ධනයක් පෙන්නුම් කරන අතර ජාත්‍යන්තර වෙළඳපොලේ චීනයේ විදේශ වෙළඳ කොටස මූලික වශයෙන් ස්ථාවරව පවතින බව ද Wang Shouwen මහතා එහිදී සඳහන් කළා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිබර් ලිංගික අපරාධකරුවෙක්ට දුන් යස දඩුවම!

කොළඹ LNW:සයිබර් ලිංගික අපරාධ සිදුකළ පුද්ගලයෙක්ට දකුණු කොරියානු අධිකරණය...

පාසල් වෑන් රථ සහ කාර්යාල ප්‍රවාහන සේවා වෙනුවෙන් මාර්ගෝපදේශ!

කොළඹ LNW:පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ සඳහා ලබන...

ස්ථාන 457ක් කේන්ද්‍ර කොට ගත් මධ්‍යම පළාතේ සංචාරක ප්‍රවර්ධන සැලැස්මක්!

කොළඹ LNW:ආකර්ෂනීය ස්ථාන 457ක් කේන්ද්‍ර කොට ගත් සංචාරක උපාය...

BOI වෙතින් විදේශ සෘජු ආයෝජන පිළිබඳ ධනාත්මක හෙළිදරව්වක් !

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW : 2025 සැප්තැම්බර් දක්වා...