දින 46ක අඛණ්ඩ ගැටුම්වලින් පසු ගාසා තීරයට දින හතරක සටන් විරාමයක්!

Date:

කොළඹ LNW:කටාරයේ මැදිහත් වීමෙන් ගාසා තීරය සදහා යෝජනා වූ දින හතරක සටන් විරාමයට, ඊශ්‍රායල රජය සිය එකගතාවය ප්‍රකාශ කර තිබේ.

ඊට අමතරව අත්අඩංගුවේ රදවා සිටි පලස්තීන සිරකරුවන් කිහිප දෙනෙකු නිදහස් කිරීමට ද ඊශ්‍රායලය එකග වී වාර්තා පවසන්නේ.

කෙසේ වෙතත්, සටන් විරාමය අවසන් වූ පසු, යළි සිය මෙහෙයුම් ගාසා තීරයේ අරඹන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කර ඇත.

හමාස් සංවිධානය විසින් පසුගිය ඔක්තෝම්බර් 07 වන දා ඊශ්‍රායලයට එල්ල කරන ලද අනපේක්ෂිත ප්‍රහාරයත් සමග ආරම්භ වූ සටන් හේතුවෙන් මේ වන විට පලස්තීන වැසියන් 14100 දෙනෙකු මියගොස් ඇති අතර, ඊශ්‍රායල වැසියන් ද 1200 ක් මියගොස් තිබේ.

වැඩිම හානිය දරුවන්ට වන අතර මේ වන විට සටන් හේතුවෙන් ඝාතනය වී ඇති දරුවන් ගණන 5500 ඉක්මවා ඇති බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආදරය ගෞරවය සමඟ පරාජයේ වේදනාව

නිශ්මං රණසිංහ නොවැම්බර් 15, කොළඹ LNW: තරගයක්,තරගාවලියක් ජය ගැනීමෙන් සිය...

ලාංකේය වොලිබෝලයේ හෙට දවස නැලවෙන සවිමත් ඔන්චිල්ලාව – ඩීඑස්අයි වොල්බෝල්

නිශ්මං රණසිංහ නොවැම්බර් 15, කොළඹ LNW: ලාංකේය වොලිබෝලයේ අනාගතය තනන...

BBCයට එරෙහිව ඩොලර් බිලියන 1-5ත් අතර වන්දි ඉල්ලා නඩු පවරන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තමා විසින්...