*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

මහින්ද ජූලම්පිටියේ අමරේලා, වම්බොට්ටලා සමඟ සිදුකළ දේශපාලනය ඊයේ පාර්ලිමේන්තුවේත් රඟ දැක්වූවා – චම්පික

කොළඹ LNW:මහින්ද රාජපක්ෂ මහතා විතාරන්දෙණියේ උක්කුවා, ජූලම්පිටියේ අමරේලා, චණ්ඩි මල්ලිලා, වම්බොට්ටලත් සමඟ සිදුකළ දේශපාලනයේ අවසාන භාගය මේ වනවිට පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව පවසා සිටියේ ඊයේ (21) දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරමින් සිටි කතාවට බාධා කරමින් ඒ මහතාගේ ලිපිගොණු උදුරාගනිමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් ඉතා අශීලාචාර ලෙස හැසිරුණු සිදුවීම පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ මතය ප්‍රකාශ කිරීම සඳහා අද (22) දින පවත්වනු ලැබූ මාධ්‍ය හමුව අමතමිනි.

පාර්ලිමේන්තුවේ මේ හැසිරීම එදා 2018 දින 52 සිදුවීම අවස්ථාවේදී දකින්නට තිබුණු අතර පසුකාලීනව කූට නාටකයක් මගින් මේ රටේ සිංහල බෞද්ධ ජනතාව තුළ අස්ථිරතාවය, අනියත බිය ඇති කර පාස්කු ප්‍රහාරය පසුබිම් කරගෙන, නැවත බලයටඒමට හැකි වූ බවයි රණවක මහතා පැවසුවේ.

”සමහරු බැසිල් රාජපක්ෂට බනිනවා. සමහරු ගෝඨාභය රාජපක්ෂට බනිනවා. සමහරු ජයසුන්දරට බනිනවා. ඇත්තටම පී. බී. ජයසුන්දරත් අර එදා 1917 රුසියාවේ සාර් පාලනයේදී සාර් රජ පවුලට වැහිලා හිටිය රස්පුටින් කියලා එක්තරා ආකාරයක දේවගැති වරයෙක්, උපදේශකයෙක්. ඒ රස්පුටින් චරිතේ තමයි ආචාර්ය ජයසුන්දර ඒ වගේම කබ්රාල් රඟ දැක්වුවේ. රාජපක්ෂලාට ආර්ථිකය ගැන උගත්කමක්වත්, දැනුමක්වත්, ඒක ගොඩනැගීම සඳහා වුවමනාවක්වත් තිබුණේ නැහැ. නමුත් අදටත් අපිට ඇහෙනවා, යහපාලනය කාලේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර ණය ගත්තා. ඒකෙන් තමයි රටට මෙහෙම කියලා. ආසන්නම හේතුව මොකක්ද රට බංකොලොත් වෙන්න. ආසන්නම හේතුව තමයි 2022 ජූලි මාසෙදි ඩොලර් බිලියනයක් ගෙවීමට නොහැකි වීම. කවුරු ගත්ත ණයක්ද ඒක? මහින්ද රාජපක්ෂ 2012 ගත්ත ණයක්. එම ණය ගත්තා විතරක් නෙවෙයි අධික පොලියට ඒ ණය ආපසු ගෙවීම පිළිබඳවත් වංචනික එකඟතාවයක් හැමිල්ටන් කියන බැංකුවත් එක්ක තිබිච්ච බව ඒ හැමිල්ටන් බැංකුව අද පවරලා තියෙන නඩුවෙන් ඇමරිකා එක්සත් ජනපදය පෙන්නලා තියෙනවා. ණය ගන්න කොටත්, ණය වියදම් කරන කොටත්, ආපහු දෙනකොටත් ගසා කෑවා. ඒ වගේම බිලියන 12 ක් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි රැස්කරපු එකෙන් මොකද වුනේ? ඒකෙන් බිලියන 7.5 ඉතුරු කරලා ගියා. ඉතුරු සල්ලි වලින් 78% වැය වුණේ මහින්ද රාජපක්ෂගේ ණය ගෙවන්න.

ඊළඟට අර මුදල් මණ්ඩලයේ රාණි ජයමහව ඇයි නිදහස් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. ඇය කියනවා අර බිලියන 7.5 ඉතුරු කරපුවා ගෙන් 5.5ක් වැය කළේ මේ රුපියල ආරක්ෂා කරන්න කියලා. රුපියල 203 තියාගෙනත් අත යට උණ්ඩියල් වෙළඳපොළක් හදලා තමන්ගේ හිතවත් අයට රුපියල් 300ට, 350ට ඩොලර් විකුණන කළු වෙළඳපොළක් හදලා එතන ගනුදෙනුවකුත් කළා. දැන් රට බංකොලොත් භාවයට 225 ම සම්බන්ධයි කියලා නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා. එතුමාට කියන්න ඕනේ, එතුමාගේ පියාට, මම 2012, 2013 දී මේ පිළිබඳව අනතුරු ඇඟෙව්වා. ඒ අනුව තමයි ජනතාව 2015දී ඔහුව පැරැද්දුවේ. ඒ පරාජය කරපු ජනාධිපති තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා. පලවා හැරපු ජනාධිපති තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. පන්නා දාපු මුදල් ඇමති තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා. මේක ගැන තවත් වාද විවාද අවශ්‍ය නෑ. ඔය කියන සියලු කරුණු ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ විනිසුරුවන් හතර දෙනාගේ පිටු 120 යි. අනික් විනිසුරුතුමාගේ පිටු 145 තීන්දුව විධිමත්ව කියෙව්වහම පේනවා. ඒ නිසා මේ තීන්දුව වැරදි, මේ තීන්දුව අපි පිළිගන්නේ නෑ කියන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා 12 (1) වගන්තිය කඩ කළාය කියලා. අපි අවධාරණයෙන් කියනවා එතුමාට ඔය නිල නිවාස, නිල වාහන මේවා පවත්වාගෙන යන්නත් බෑ. ඒ පිළිබඳව අනාගත එක්සත් ජනරජ පෙරමුණේ ආණ්ඩුවකින්, මේ ආර්ථික යුක්තිය සඳහා, ආර්ථික අපරාධකරුවන්ට එරෙහිව වෙනම විනිශ්චය සභාවක් පිහිටුවලා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරනවා. මං මහින්ද රාජපක්ෂ මහත්තයාට කියනවා ඔබතුමා ඒ 70 දශකයේ විතාරන්දෙණියේ උක්කුවා. ඒ වගේම 90 දශකයේ ජූලම්පිටියේ අමරේලා, චණ්ඩි මල්ලිලා, වම්බොට්ටලත් එක්ක කළ දේශපාලනේ අවසාන භාගේ ඔය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාට එරෙහිව ඔය කරන්න ගිය සිදුවීමෙන් වුණේ.” යනුවෙන් රණවක මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan