ජවිපෙ දිහා බලලා නැගිටින්න!

Date:

කොළඹ LNW:ජය පැරදුම කිසිවෙකුට හෝ පුරෝකථනය කළ නොහැකි අතර අද බිංදුවේ සිටින කණ්ඩායමක් හෙට ජයග්‍රහණය කළ හැකි බවත් ඊට හොඳම උදාහරණය ජනතා විමුක්ති පෙරමුණ බවත් සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

ඊළඟ මැතිවරණයේදී නැවත කණ්ඩයමක් ලෙස නැගී සිටිය හැකි අතර ඊට අවශ්‍ය වන්නේ එකා මෙන් එකට වැඩකිරීම බව හිටපු මන්ත්‍රීවරයා කියාසිටියේය.

”වසර පනහකට වැඩි කාලයක ජනතා විමුක්ති පෙරමුණ ඉතා දීර්ඝ දේශපාලන ගමනක් ආවා. ඔවුන් සමහර අවස්ථාවල පාර්ලිමේන්තුව නියෝජනය කළේ නැහැ. සමහර අවස්ථාවල 3%ට අඩුවුණා. සමහර මැතිවරණවලදී ඔවුන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර එකයි ලැබුණේ. මේ මහ මැතිවරණයට පෙර ඔවුන්ට තිබුණේ මන්ත්‍රී ධූර තුනයි. එවැනි දේශපාලන ව්‍යාපාරයක් වසර තිහ හතළිහක් ගතවෙලත් ඉතාමත් තීරණාත්මක අවස්ථාවකට ඇවිල්ලා ඓතිහාසික ජයක් වාර්තා කරගන්නේ. ඒ නිසා ජය පැරදුම කාටවත් නිශ්චිතව පුරෝකථනය කරන්න බැහැ. අද බින්දුවේ තියෙන කණ්ඩායම හෙට ජයග්‍රහණය කරන්න පුළුවන්. එය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පෙන්වලා දීලා තිබෙනවා. ඒ නිසා නැගිටීම සිදුවෙන්න සංවිධානය සහ ඔවුන්ගේ අරමුණු ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල මත. ඒ නිසා අපිට යළි නැගී සිටීමට බැහැ කියල කතාවක් නැහැ. ඊළඟ මැතිවරණයේදී යළි නැගී සිටින්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ කණ්ඩායම සාමූහිකව ක්‍රියා කිරීමත් ඉලක්කයක් සහ අරමුණක් සහිතව වැඩ කිරීමත්. ඒ නිසා මම ඉතාමත් පැහැදිලිව රටට කියනවා යළි අපට නැගී සිටින්න පුළුවන්. අපේ පාක්ෂිකයින්ට, ක්‍රියාකාරිකයින්ට කියන්න කැමති මේ මොහොත තාවකාලික පසුබෑමක් විතරයි. යළි අපට නැගී සිටින්න ඕනෑ තරම ඉඩකඩ තියෙනවා. ඒ තියෙන්නේ අපි එකා මෙන් එකට වැඩකලොත් පමණයි.” යනුවෙන් තිස්ස අත්තනායක මහතා තවදුරටත් පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශගුණික හරිතකරණයට සහය නොදක්වන් බවට විලාසිතා දැවැන්තයින්ට චෝදනා

සටහන: සශිකලා මධුෂාණිජුනි 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝලීය ඇඟලුම් නිෂ්පාදනයෙන්...

එයාර් ඉන්දියා ගුවන් යානයේ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට! ඡායාරූප සහිතයි! (Updates)

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එයාර් ඉන්දියා ගුවන්...

පොලිස් ස්ථානාධිපතිවරු 34කට ස්ථාන මාරු!

කොළඹ LNW:පොලිස් ස්ථානාධිපතිවරුන් 34කට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව...

අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ නවතම තත්ත්වය! (Updates)

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අහමදාබාද් ගුවන්තොටුපළ අසල...