වෛද්‍ය ෂාෆිට අසත්‍ය චෝදනා එල්ල කළ පොලිස් ලොක්කන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක්!

Date:

කොළඹ LNW:කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයට කරන ලද පැමිණිල්ලට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් බව වාර්තා වෙයි.

කාන්තාවන්ට වඳ සැත්කම් කළ බවට චෝදනාකරමින් වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතාව 2019 මැයි 25 වැනිදා අත්අඩංගුවට ගැනුණු අතර වසර පහකට අධික කාලයක් තිස්සේ විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව චෝදනා ගොනුකරමින් තිබුණද ඔහු එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් වුණි.

ඒ අනුව ඉහළ තනතුරු ලබා ගැනීම සඳහා ඇතැම් නිලධාරීන් තමන් බිලිදීම ගැන කණගාටු වන බවත් එවැනි අසාධාරණයක් තවත් කෙනෙකුට සිදු නොවීම සඳහා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ප්‍රකාශ කරමින් එම අවාසනාවන්ත සිදුවීමට යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් වෛද්‍ය ෂිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

එම පැමිණිල්ල මත පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි විමර්ශන ආරම්භ කර තිබෙන බව සඳහන්.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයා චෝදනා කළේ අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් සහ මහනුවර භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන නිලධාරීන් වගකිව යුතු බවයි.

මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ඉදිරිපත් කර තිබුණු පැමිණිලි අතර එක් පැමිනිල්ලක නම සහ දිනය ව්‍යාජ ලෙස සකස් කර තිබූ බවටද අනාවරණය විය.

මේ වන විට තමන් සියලු චෝදනා වලින් නිදහස් වුවද වසර පහකට වැඩි කාලයක් එම අසත්‍ය චෝදනා මත තමන් මෙන්ම තම පවුලේ අයද දැඩි පීඩනයන්ට මෙන්ම දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවූ හෙයින් චෝදනා වලින් නිදොස් කොට නිදහස් වූ පමණින් යුක්තිය ඉටු නොවන බවත් අසත්‍ය චෝදනා නගමින් තමන් වරදකරුවෙක් කිරීමට උත්සහ දැරූ අය සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...

ආපදා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඉන්දු – ලංකා කමිටුවක්!

කොළඹ LNW: දිට්වා අපදවෙන පසු ආපදා ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී...