ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළේ දී විශිෂ්ටයෝ පිදුම් ලබති

Date:

ශ්‍රව්‍ය ගෝචර සන්නිවේදන මාධ්‍යයේ හදවත බඳු ගුවන්විදුලි මාධ්‍ය කලාවෙහි සුවිශේෂී දස්කම් දැක්වූ ශ්‍රී ලාංකේය විශිෂ්ටයින් අගයනු වස් පවත්වනු ලබන “ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළ“ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන ප්‍රතිභා ප්‍රණාම සම්මානයෙන් මෙන්ම අංශ ගණනාවක් යටතේ සම්මාන සහ කුසලතා සහතිකපත්වලින් මෙම විශිෂ්ටයෝ පිදුම් ලැබුහ.

අග්‍රාමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන්, අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතගේ උපදේශකත්වයෙන්,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මියගේ සහ රාජ්‍ය ගුවන්විදුලි උපදේශක සභාවේ සභාපති සීලරත්න සෙනරත් මහතාගේ අධීක්ෂණය සහ මගපෙන්වීමෙන් ද ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව මෙම සම්මාන උලෙළ සංවිධානය කරන ලදී.

ඩිල්ශානි චතුරිකා දාබරේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශ මැතිවරණය: හමුදාව තවමත් තිරය පිටුපස බලවේගයක්ද?

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ ඉදිරි...

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...