ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළේ දී විශිෂ්ටයෝ පිදුම් ලබති

Date:

ශ්‍රව්‍ය ගෝචර සන්නිවේදන මාධ්‍යයේ හදවත බඳු ගුවන්විදුලි මාධ්‍ය කලාවෙහි සුවිශේෂී දස්කම් දැක්වූ ශ්‍රී ලාංකේය විශිෂ්ටයින් අගයනු වස් පවත්වනු ලබන “ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළ“ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන ප්‍රතිභා ප්‍රණාම සම්මානයෙන් මෙන්ම අංශ ගණනාවක් යටතේ සම්මාන සහ කුසලතා සහතිකපත්වලින් මෙම විශිෂ්ටයෝ පිදුම් ලැබුහ.

අග්‍රාමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන්, අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතගේ උපදේශකත්වයෙන්,සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මියගේ සහ රාජ්‍ය ගුවන්විදුලි උපදේශක සභාවේ සභාපති සීලරත්න සෙනරත් මහතාගේ අධීක්ෂණය සහ මගපෙන්වීමෙන් ද ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,ගුවන් විදුලි රාජ්‍ය උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව මෙම සම්මාන උලෙළ සංවිධානය කරන ලදී.

ඩිල්ශානි චතුරිකා දාබරේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

සටහන – විශේෂ වාර්තාකරුවෙකු විසිනි. පෙබරවාරි 14, LNW (කොළඹ): 2021 මැයි-ජූනි...

සිහිනයක් මියගිය තැන

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තාරුණ්‍යය සහ මරණය...

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. ගාසා...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...