*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

තැනෙක විලාපය තැනෙක විනෝදය

මෙවර පාපන්දු ලෝක කුසලානය ඇරඹෙන මොහොත වන විට එම සූරතාවය සඳහා ඉදිරියෙන්ම කිය වුණ නමක් වන්නේ ආර්ජන්ටිනාවයි.වත්මන් ලෝක ශ්‍රේණිගත කිරිම්වල තෙවන තැන ඉන්න ආර්ජෙන්ටිනාව ලෝක සූරතාවලියේදි තරග වඳින කාණ්ඩයේ මෙක්සිකෝව 13 වන තැන සිටි අතර,පෝලන්තය සිටියේ 26 වන තැනය.ඔවුන්ට සිය කාණ්ඩයේ පළමු තරගයට හමුවන්නට නියමිතව තිබුණේ 51 වන තැන සිටින සවුදි අරාබිය ය.
මේ කරුණු නිසා ඊයේ ආර්ජන්ටිනාව තරගයට පැමිණියේ ලෝක කුසලාන තරගාවලියේ තමන් මුහුණ දෙන පහසුම කණ්ඩායමට මුහුණ දෙන බව සිතා පහසුවෙන්ය.නමුත් ඊට සාපේක්ෂව සවුදි අරාබිය තරගයට ආවේ තමන් කළ හැකි උපරිමයෙන් කළ යුතුය යන හැඟීමෙන්ය.ඒ ඔවුන් තමන් මුහුණ දෙන්නේ ලෝව අති දක්ෂ ක්‍රීඩකයෙක් වන ලයනල් මෙසී සිටින, කණ්ඩායමක් හැටියට ගත් විට ලොව දැවන්තම පාපන්දු කණ්ඩායමක් බව දැන ගෙනය.
තරගය ආර්ජන්ටිනාව 1 – 2 ක් සේ පරාජය වූ පසුව බුවනෝර්ස්අයර් හී පාපන්දු ලෝලියෙකුත් සිහිමද ගතියෙන් මෙන් පරාජයෙන් හෙම්බත්ව සිටින අවස්ථාවේදී ද කිව්වේ එයාල හොඳම ටීම් එකට මුහුණ දෙන්න ලැහැස්ති වෙලා ආවා අපි පුංචියට හිතාගෙන ආවා වගේ කතාවකි.බුවනෝර්ස්අයර්ස් නගරය ගැන විස්තර කරන මාධ්‍ය පවසන්නේ තරගය පවත්වන විට එම නගරයට උදෘසන හත පමණ වී තිබූ බවය.නගරය හිස් ව තිබුණත්,ආර්ජන්ටිනා වර්ණයෙන් මුළු නගරයම සැරසී තිබී ඇත. නගරාධිපති කාර්යාලය ඔබලිස්ක් ඉදිරිපිට යෝධ බෝලයකි.
නගරය තරමක් පාළු වූවේ නිවෙස් හී රූපවාහිනි යන්ත්‍ර ක්‍රියාත්මක වූ බැවින්ය.වීදීවල පුළුල් තිර සමහර දෙනෙක් අත්පත් කරගෙන උන්හ.නමුත් තමන්ගේ පාපන්දු උන්මාදයටත්,රටවැසියන්ගේ උන්මාදයටත් අවන්හල ඇරි අයටත් නරක තත්ත්වයක් නොවිණ.සේවා සපයන්නෝ ඇඳ සිටියේ ද බොහෝ විට ආර්ජන්ටිනා වර්ණය.තරගය ඇරඹි විනාඩි 10 න් මෙසි ක්‍රියාත්මක වීමත් සමඟ ඔවුන් සිය අසුන් භාවිතයට ගෙන ඇත්තේ නැඟී සිටින්නටය.එහෙත් සවුදි අරාබිය ඔවුන් විනාඩි 90 වන විට එම අසුන්වල නැවත ඉන්දවා තරගය නිමා වී පැයක් දෙකක් යන තුරුත් එලෙසම තබන්නට සමත් විය.

ඊ ළඟට හමුවන්නට නියමිත මෙක්සිකෝව යනු සිය කාණ්ඩයේ ආජන්ටිනාවට සිටින සමීපතම ප්‍රතිවාදියාය ය.ඇතැමෙක් තීරණය ගැන පසුතැවීමේ සීමාව තවත් ඉදිරියට ගෙන යමින් පවසන්නේ මෙක්සිකෝ තරගයද අවිනිශ්චිත බවය.ඔවුන් පර වූ ප්‍රාර්ථනාවන් ඇත්තෝ සේ ය.නමුත් ඇතැමෙක් වැටීමෙන් නැඟි සිටින්නට අවශ්‍යය ශක්තිය ආර්ජන්ටිනාව සතුව ඇති බව පවසමින් මෙසී ව දෙවියෙක් හැටියට ද හඳුන්වන්නේය.ඇත්තටම මෙය ඉතිහාසයේ නොසිතූ විරූ දරුණුම පරාජය බව කියන්නේ ආර්ජන්ටිනා වැසියෝ පමණක් නොවේය.ලෝකයේ බොහෝ පාපන්දු ලෝලීන් කියන්නේ එසේය.ආර්ජන්ටිනා පුහුණුකරුද තිගැස්මෙන් යුතුව වුවත් මෙසී ගමන වෙනස් කරනු ඇති බවට තරයේ විශ්වාස කරන්නේය.කණ්ඩායම ද සිටින්නේ කරකවා කරකවා අතහැරි පරිද්දෙන්ය.මෙසී සිහි එළවාගෙන මාධ්‍යයට කීවේ නිදහසට කරුණක් නැති බවය.
ආර්ජන්ටිනාවේ තත්ත්වය එසේ වෙද්දී සවුදි අරාබියම පිබිද සිටින්නේය.ජයග්‍රහණය සමරනු වස් රටටම නිවාඩු ය.කටාරයේ විනෝද සීමාවන් හී සවුදි අරාබි ක්‍රීඩා ලෝලීන් හැසිරුණේ ප්‍රීතියෙන් උමතුවට පත් වූවන් සේය.කටාරයේ පමණක් නොව රියාද් නුවරින්ද වාර්තා වූයේ මිනිසුන් ප්‍රීති ඝෝෂා පැවත් වූ බවය.වහනවල නැඟී විනෝද වෙමින් සවුදි ධජයත් සමඟ විදීවල කරක් ගැසූ බවය.

ආර්ජන්ටිනාව මලගෙයක ස්වරූපය ගනිද්දී සවුදි අරාබිය මඟුල් සිරි ගෙන ඇත.පිරිස මහත් ආස්වාදයෙන් නගරයේ සැරි සරමින් ජයග්‍රහණයේ ආශිර්වාදය විඳිමින් ඇත.ඔවුන් මත් වන්නට කැමති නැති බව ප්‍රකටය.නමුත් මත්වන අය ද නැත්තේ නොවේ.ඒවා නීතියට හැංඟී බොහෝ රහසේ විඳින සැපය.සවුදියේ එවන් රහස් සාද ද පවතිනු ඇත.
මෙසීගේ ආර්ජන්ටිනාව සවුදි අරාබියට පරදිනු ඇතැයි එ’රට වැසියන් ද නොසිතුව බව ඇත්තය.ඔවුන් වැඩි දෙනෙක් තමන්ගේ කණ්ඩායමට දිරි දෙන්නට පමණක් නොව ලයනල් මෙසී සියැසින් දැක ගැනීමත් අපේක්ෂාවෙන් පැමිණියෝය.නමුත් ඔවුන්ට අද මෙසී මතක නැත.අද තිබෙන්නේ ජයග්‍රහණයේ සතුට විඳින්නටය.
පාපන්දු ක්‍රීඩාවේ චමත්කාරජනක බවට යම් ආකාරයකින් අලුත් රූපවාහිනි විනිසුරු බාධාවක් විය යුතු වුවත්,එය ටක්කෙටම නැතත්,ආසන්නම තැනට නිවැරදි සහ නීත්‍යාණුකූල දක්ෂයා තෝරා ගන්නට ඉඩ සළස්වා ඇත.එසේ නොවුණානම් මෙසීලාට ජය ගන්නට ඉඩ තිබිණ.

ඒ ගැන වියපත් ආර්ජන්ටිනාවෙකු පවසා ඇත්තේ තරගයේ උද්යෝගීමත් බව රූපවාහිනි විනිසුරුවා විසින් විනාශ කරන බවය.කවුරුන් කෙසේ හේතු දැක් වුවට ලෝක සම්මත පාපන්දු නීතිය ඉදිරියේ ඇත්තම කාරණය සවුදි අරාබිය ආර්ජන්ටිනාව පරදවා ජයගෙන ඇති බවය.තැනෙක මඟුල්ය,තැනෙක මරණයකට කම්පාවන තරමට ලතැවුල්ය.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan