ලක්ෂ විස්සක මුදල් – කණිෂ්ඨයන්ට තෑගි

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 24(LNW) කොළඹ :

එළැඹෙන දෙසැම්බර් 1 වන දා සිට 8 වන දා දක්වා 72 වන ජාතික බැඩිමින්ටන් සූරතාවලිය ස්ථාන තුනක් කේන්ද්‍ර කරගෙන පැවත්වීමට නියමිතය.අවුරුදු 11 න් පහළ සිට 19 න් පහළ දක්වා වයස් කාණ්ඩ තරග ද,අවුරුදු 30 න් ඉහළ සිට 75 ඉහළ දක්වා ප්‍රවීන අංශයද,ඊට වයස් එකතුව 100 ට වැඩි,110 ට වැඩි සහ 120 ට වැඩි තරග අංශයන් ද ඇතුළත්ව පැවත්වෙන මෙම තරගාවලියේ වැදගත්ම තරග ඉසව් වන්නේ ලංකාවේ මේ වන විට ඉදරියෙන් සිටින සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකිනෙකා පරයා ජය ගන්නට උත්සාහ කරන ජාතික සූරතා තරග අංශය ය.ජාතික සූරතාවලියේ පිරිමි සහ කාන්තා කේවල සහ යුගල තරග මෙන්ම මිශ්‍ර තරග සඳහා ද දැඩි තරගකාරීත්වයක් අපේක්ෂා කළ හැකි අතර එම තරග සඳහා රුපියල් ලක්ෂ විස්සක මූල්‍යමය ත්‍යාග පිරිනැමීමට අපේක්ෂා කෙරේ.එසේම කණිෂ්ඨ ක්‍රීඩකයින්ට ජයග්‍රහණ වෙනුවෙන් වටිනා ත්‍යාග ද පිරිනැමිමට නියමිතය.


වාර්තාගත තරගකරුවන් 1300 ට ආසන්න පිරිසක් මෙවර තරගාවලිය නියෝජනය කිරීමට නියමිතව ඇත.ඒ අතරින් විශේෂයෙන් පිරිමි තරගවලදී විශාල තරගකාරීත්වයක් ඇති විය හැකි අතර මේ වන විට වැඩි තරගාවලි ප්‍රමාණයක් නියෝජනය කර ඉදිරියෙන් සිටින සෙනුක් සමරරත්න මෙන්ම ඔලිම්පික් නියෝජනය කළ විරේන් නෙත්තසිංහ,ඉකුත් වසරේ සූරයා වූ බුවනෙක ගුණතිලක,දුමිදු අබේවික්‍රම,ආශිංසන හේරත් වැනි ක්‍රීඩකයින් අතර තියුණු තරගකාරීත්වයක් ඇති වීමේ ඉඩ ඇත.
කාන්තා අංශයේදී රනිත්මා සෙසු ක්‍රීඩිකාවන්ට වඩා ඉදිරියෙන් සිටින බව පෙණුනත්,රශ්මි මුදලිගේ වැනි ක්‍රීඩිකාවන් ද මෑත කාලීනව අවධානයට ලක්වන ක්‍රීඩා රටාවක නිරත වෙන බැවින් කාන්තා අංශයද පෙරළිකාරී තත්ත්වයක් ගන්නට ඉඩ ඇත.කාන්තා යුගල තරග අංශයේ දී ද කාන්තා ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ නොසිටිය ද,යසාරා විජේරත්න,යසිනි අම්බලන්ගොඩ මෙන්ම 15 හැවිරිද් ඉසුරි අත්තනායක සහ සිතුමි ද සිල්වා ද සූරතාවය සඳහා විශාල බලපෑමක් කරන්නට ඉඩ ඇත.


මෙම තරග නිසි පරිදි පවත්වා ගෙන යාමට සුදුසුකම් ලත් නිලධාරීන් 60 දෙනෙකුගේ දායකත්වය හිමිවන අතර ඔවුන් ද තරගාවලිය පැවත්වෙන තැන් තුන තුළ ඉහළ කැපවීමකින් ක්‍රියා කළ යුතුව ඇත.තරගාවලිය සාර්ථක වීමට එම කැපවීම ද අත්‍යවශ්‍යය අංගයකි.Li ning,McFoil,3M,GAC සහ Mobil සුපුරුදු පරිදි ශ්‍රී ලාංකේය බැඩ්මින්ටන් වෙනුවෙන් දරන අමිල සත්කාරකත්වයෙන් ජාතික තරගාවලියද පෝෂණය කරන්නට නියමිතව ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...