Marius Borg Høiby අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මාරියස් බෝර්ග් හොයිබි (Marius Borg Høiby) ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන  තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඔහු නෝර්වේ ඔටුන්න හිමි කුමරිය වන මෙට්-මාරිට් කුමරියගේ, 27 හැවිරිදි පුත්‍රයා වේ.

මොහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ, 20 හැවිරිදි  තරුණියක සමඟ මෝටර් රථයක සිටියදීය.

සිද්ධිය පිළිබඳව කරන ලද විමර්ශනයන්වලදී හොයිබි, එම තරුණිය සමඟ සම්බන්ධයක් නොතිබුණු බවත් ඇයගේ මහල් නිවාසයට හානි කිරීම සහ ඇයට කළ තර්ජනයක් සම්බන්ධයෙන් පමණක් වරද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.,තමාට එල්ල වන ‘ස්ත්‍රී දූෂණ’ චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරන බවද පවසා ඇත.

හොයිබි හට මීට පෙරත් මෙවන් චෝදනා එල්ලවී තිබුණ අතර, කාන්තාවන් තිදෙනෙකු සමඟ මීට ඉහත ඔහු සබඳතා පවත්වා ඇති අතර එම සමීප සබඳතාවලදී ඔවුන්වත් අපයෝජනය කළ බවට ඔහුට එරෙහි චෝදනා ගොනු වී ඇත.

20 හැවිරිදි  පුද්ගලයෙකුට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ද ඔහු චෝදනා එල්ලවී තිබෙන අතර, මාරියස් බෝර්ග් හොයිබි උපත ලබන්නේ ඔහුගේ මව වන මෙට්-මාරිට් කුමරිය, ඔටුන්න හිමි කුමරු හාකොන් සමඟ විවාහ වීමට පෙරයි. ඒ අනුව, හාකොන් කුමරු හොයිබිගේ සුළු පියා වේ. එනිසාවෙන් ඔහු නෝර්වේ රජ පෙළපතෙන් පිටත සිටින අයෙක් ලෙසද සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...