ශ්‍රීලනිපයෙන් ඉවත් කෙරුණු පිරිසට වෙල්ගමගෙන් ආරාධනාවක් ! (VIDEO)

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත්හිටවූ සියලු දෙනාටම නව ලංකා නිදහස් පක්ෂයත් සමග එක්වන්නැයි ආරාධනා කරන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් ඔබතුමාටත් දුක හිතෙනවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තියෙන දේ ගැන ?

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇත්තටම හරි පාලනයක් නැහැ නෙ. මේ වගේ අයව අයින් කරන්න ගියොත් අපට කවදාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩගන්න බෑ. චන්ද්‍රිකා නෝනලාව බාරගන්න, මහින්ද අමරවීරලාව බාරගන්න ඕනෙ පක්ෂයක් කැමතියි. නමුත් ඒකෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙන්නෙ ?”

ප්‍රශ්නය – දැන් මේ නීතියට පිටින් ගියපු නිසා තනතුරු අයින් කළා කියලා තමයි මහලේකම්තුමා කියන්නෙ …

“ඔක්කොම එක්කහු වෙලා පොදුජන පෙරමුණෙන් ගිවිසුම් අත්සන් කරලා තරග කළා නම් ඇමතිකමක් ගත්තාට මොකද වෙන්නෙ ? එහෙම දේවල් කරන්න බෑ … අන්තිමට වෙන දේ මම කියන්නද ? චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය වැඩි කල් යන්න කලින් ඔය පක්ෂයේ නායකයා හැටියට ඉඳගන්නවා”

ප්‍රශ්නය – සාමාජිකත්වය අත්හිටවූ කට්ටිය ඔබතුමාලාගේ පක්ෂයට ළං කරන්න වෑයමක් තියෙනවාද ?

“අපේ පක්ෂයට එනවා නම් දෑතින් ගන්නේ. දෙපැත්තට උම්මා දෙකක් ගන්නෙ. මම නම් ආරාධනා කරනවා ඒ සියලු දෙනාම එක්කහු වෙන්න අපිත් එක්ක. නැත්නම් අපි ඕගොල්ලන් එක්ක එක්කහු වෙන්නම්. එක්කහු වෙලා අපි හොඳ ප්‍රබල වමක් හදමු. ලබන ජනාධිපති මැතිවරණයට අපි මුහුණ දෙමු”

කුමාර වෙල්ගම මහතා මේ බව පැවසුවේ ඊයේ (23) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...