*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

රටටත්, ජනතාවටත් අත්‍යාවශ්‍ය විදුලි ව්‍යාපෘති ප්‍රමාද කරවන්නේ කාගේ උවමනාවටද ?

අපේ රටේ දෛනික විදුලි අවශ්‍යතාවය වර්තමානයේදී ගිගාවොට් පැය 43 (43 GWh) හෙවත් විදුලි ඒකක මිලියන 43 ක් පමණ වෙනවා. ඒත් ආර්ථික කටයුතු වල හැකිලීම, කර්මාන්තශාලා වල නිෂ්පාදන ක්‍රියාවලි වල මන්දගාමීත්වය, විදුලි කප්පාදුව හා ගාස්තු වැඩි කිරීම වැනි හේතු නිසා, එය මේ දිනවල ගිගාවොට් පැය 35 (35 GWh) වගේ අගයකට පමණ අඩු වෙලා තිබෙ නවා.

මේ දින වල රටේ විදුලි අවශ්‍යතාවය දවසේ එක් එක් වේලාවේදී පහත ආකාරයෙන් වෙනස් වෙනවා.

පැය 24 පුරාම අවමය 1100 MW – 1200 MW වගේ අවශ්‍යයි. (මෙය Base Load යනුවෙන් හඳුන්වනවා)
දිවා කාලයේදී පවතින්නේ 1800 MW – 1950 MW පමණ විදුලි අවශ්‍යතාවයක්. (Day Peak)
රාත්‍රි 6 – 10 අතර උපරිම ඉල්ලුමක් පවතින කාලයේදී 2300 MW – 2500 MW පමණ විදුලි ඉල්ලුමක් පවතිනවා. (Night Peak)

මේ වගේ එක එක වේලාවල් වලට විදුලිය නිපදවන්න භාවිතා වන බලාගාරත් වෙනස් වෙනවා. පැය 24 ම විදුලිය ලබාදෙන බලාගාර අඩුම ජනන වියදමක් සහිත බලාගාර වෙනවා වගේම, ඒවා ස්ථිර විදුලි සැපයුමක් සහිත බලාගාර (Base load plant) ලෙස හඳුන්වන්නට පුළුවන්.

ඒ වගේම දිවා කාලයේදී පුනර්ජනනීය බලශක්තීන්ගෙන් නිපදවන විදුලිය වැඩි වශයෙන් භාවිතා කරනවා. දිවා කාලයේදී අපි  දැනට පද්තිධයට සම්බන්ධ කරගෙන තිබෙන වහල මත සූර්‍ය බල පද්ධති ඇතුළු  700MW කට අධික සූර්‍ය විදුලියත් ලැබෙන නිසාවෙන්ම පවතින්නේ 1800 MW – 1950 MW පමණ විදුලි අවශ්‍යතාවයක්.

රාත්‍රීයේ උපරිම ඉල්ලුම ඇති කාලයට (සවස 6 සිට රාත්‍රි 10 දක්වා) බොහෝ දුරට භාවිතා කළේ තාප බලාගාර වලින් නිපදවන විදුලියයි. නමුත් මේ දින වල ඒ වෙලාවටත්, විදුලිය නිපදවන්නේ වෙනත් ප්‍රභව වලින්.

තත්ත්වය මෙසේ පවතිද්දී වැස්ස ලැබෙන දාට පැය 24ම ජල විදුලිය භාවිත කලත්, එයත් කෙටි කාලීන නිසා අවුරුද්දෙ 365 දවසෙම ස්ථිර ලෙස විදුලිය දෙන්න අඩු ජනන වියදමක් සහිත ගල්අඟුරු බලාගාරයත් භාවිතා කරනවා.

ගල් අඟුරු වගේම අඩු වියදමකින් විදුලිය නිපදවන පැය 24 පුරාම 365 දවසම එක දිගටම විදුලිය ජනනය කල හැකි ක්‍රමයක් තමයි ස්වාභාවික වායු බලාගාර. අප රට තුල දැනටමත් 350 MW බැගින් වූ ස්වභාවික වායු බලාගාර දෙකක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මේ අලුත් ස්වභාවික වායු බලාගාරයන්ට අමතරව දැනට ක්‍රියාත්මක වන 300 MW යුගදනවි බලාගාරයත් ස්වභාවික වායු වලින් දුවන්න පුළුවන් විදියට තමයි ඉඳිකරල තියෙන්නෙ.

ඒත් අප රට තුළට ස්වභාවික වායු ගෙන ඒම සහ ගොඩ බෑම වෙනුවෙන්, සැලසුම් කරල තියෙන පද්ධති සහ නල මාර්ග ඉදිකරන ව්‍යාපෘතියෙ ප්‍රසම්පාදන කටයුතු අවසන් කර, 2022 ජනවාරි මාසයේදී කැබිනට් අනුමැතියට යොමුකර තිබුණත්, මේ වනතුරුත් අදාළ අනුමැතිය නම් ලැබිල නැහැ. මේ අනුමැතිය පරක්කු වෙන එකෙන් අපි හදන බලාගාර විදුලි ජනනය පටන් ගැනීමටගතවන කාලය “අවුරුදු වලින්” ප්‍රමාද වීම සිදුවෙනවා.

LNG දෙවෙනි බලාගාරය ඉදිරියට නොයවා දැන් මාස ගණනාවක් තිස්සේ තියෙන්නේ අමාත්‍යංශයේ. මේ අනුමැති ලබාදීම ප්‍රමාද කරන්න මෑත කාලයේ වැඩිපුර කතාබහට ලක්වූ නිව් ෆෝට්‍රස් සමාගම, ඇමරිකානු බලපෑම්, ඉන්දියානු බලපෑම් රජය ඇතුලෙ හොල්මන් කරනවද කියල හිතෙන්නෙ, එහෙම ප්‍රමාද වෙන්න වෙනත් හේතු හොයාගන්න අසීරු වෙලා තියෙන නිසාමයි.

ඉතින් මේ ව්‍යාපෘති නිසි කලට නිම කර පැය 24 ම දින 365 ම අඛන්ඩ විදුලි සැපයුමක් අ⁣ප රටේ ජනතාවට ලබාදීම අපේ ඒකායන අරමුණයි.

මේ අනුමැති තව තවත් ප්‍රමාද කරන එකෙන් මේ නැතිවෙන්නේ රටේ අනාගතය නොවේද…?

අපේ අනා⁣ගතය නොවේද… ?

අපේ දරුවන්ගෙ අනාගතය නොවේද… ?

මෙය ඔබ සැමට බුද්ධියෙන් විමසා බැලීමට, අපි මෙලෙස සටහන් කර තබන්නෙමු. මේ අප රටේ අනාගතය වෙනුවෙන්, අපේ ඉදිරි පරපුර වෙනුවෙන් අප සැවොම අත්වැල් බැඳගත යුතු කාලයයි.

ලංවිම ඉංජිනේරු සංගමය

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan