නිදහස් පලස්තීනය වෙනුවෙන් විරෝධතාවට ගිය ජන අරගලයේ 06ක් අත්අඩංගුවට!

කොළඹ LNW:නිදහස් පලස්තීනයක් පිළිගන්නා ලෙස බලකරමින් අද (24) පස්වරුවේ කොල්ලුපිටිය මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයට ඉදිරිපිට දී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ජන අරගල ව්‍යාපාරය විසින් එය සංවිධානය කර තිබුණු අතර ඇමරිකානු – ඊශ්‍රායල් හවුලට එරෙහිවයි එය සංවිධානය කර තිබුණේ.

විරෝධතාවට ඉස්ලාම් ජාතිකයින්ද වැඩි දෙනෙක් සහභාගී වී සිටින ආකාරය දක්නට ලැබුණි.

විරෝධය අතරතුර විරෝධතාකරුවන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද ඇති විය.

ඒ,විරෝධතාකරුවන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ජායාරූප පිළිස්සීමට උත්සහ කිරීමේදීය.

පොලීසියේ මැදිහත්වීම නිසා මුල් අවස්ථාවේදී එම ජායාරූප පිළිස්සීමට නොහැකි වූ නමුත් දෙවෙනි අවස්ථාවේදී ජායාරූප පිළිස්සීම හේතුවෙන් එහිදී විරෝධතාකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණි.

පසුව ඔවුන් කොල්ලුපිටිය පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබුණු අතර එම ස්ථානයේ විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරීම නිසා තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/628/We%20stand%20with%20Palasthine