බහරේන් සූරතාවේ අවසන් යුගල අට අතරට ශ්‍රී ලංකා යුගල දෙකක්

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): බහරේනයේ පැවත්වෙන් ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේදී පිරිමි යුගල අංශයෙන් අවසන් අටදෙනා අතරට ශ්‍රී ලංකාවේ යුගල දෙකක්ම සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.මධුක දුලාංජන සහ ලහිරු වීරසිංහ විසින් ලකුණු 18 – 21,21 – 18 සහ 21 – 09 ක් ලෙස ඉන්දියාවේ විමල්රාජ් ආනන්දදුරෙයි සහ නවීන් ප්‍රසාන්ත් පරාජය කරමින් ද,ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුරුගේ විසින් ලකුණු 21 – 14,20 – 22 සහ 22 – 20 ලෙස සිරියාවේ අල්ජලාද් අහමඩ් සහ බහරේනයේ අද්නාන් ඒබ්‍රහීම් යුගලය පරාජය කරමින් ද අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූහ.


පිරිමි කේවල අංශයෙන් අවස්න 16 අතරට පිවිසීමට සමත් වූ එකම ලාංකේය ක්‍රීඩකයා වූ දුමිඳු අබේවික්‍රමට ඉන් ඉදිරියට යාම වළක්වන ලද්දේ ඉන්දියාවේ රිත්වික් සන්ජිවී විසිනි.ඔහු දුමිදුට එරෙහිව ලකුණු 21 – 5 ක් සහ 21 – 18 ක් ලෙස එම තරගය ජය ගන්නට සමත් විය.
විරෙන් නෙත්තසිංහ සහ බුවනෙක ගුණතිලක සහභාගි වූ යුගල තරගයේදී ඔවුන්ගේ ඉදිරි ගමණට හරස් වූයේ ද ඉන්දියානු යුගලයකි.ඒ ක්‍රිෂ්න ප්‍රසාද් සහ සායි ප්‍රතීක් ය.ඔව්හූ විරෙන්ට සහ බුවනෙකට එරෙහි තරගය ලකුණු 21 – 15 සහ 21 – 18 ක් ලෙස ජය ගත්හ.


අද දවසේදී ශ්‍රී ලංකාවේ මධුක සහ ලහිරු අර්ධ අවසන් පූර්ව වටයේදී හමුවීමට නියිමත්ව ඇත්තේ කායිලන්තය නියෝජනය කරන සිරවිත් සොතෝන් සහ නත්තපාට් ට්‍රින්කජී ය.බුවනෙක සහ විරෙන් පරාජය කරමින් ඉදිරියට පැමිණි ක්‍රිෂ්න ප්‍රසාද් සහ සායි ප්‍රනීත් අද ශ්‍රී ලංකාවේ ඔෂාමික සහ තුලිත් මුණ ගැසීමට නියමිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...