රවී ගැන කලබල වෙන්න එපා. අප්‍රේල් වෙද්දී මන්ත්‍රීකම ඉවරයි – රනිල් කියලා !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට (ගෑස් සිලින්ඩරය) හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් රවී කරුණානායක මහතා විසින් ලබාගැනීම නිසා පසුගිය සතියේ එක්සත් ජාතික පක්ෂය ඇතුළු එම කඳවුරේ දේශපාලනය තරමක් උණුසුම්ව පැවතුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලදී දැඩි කේන්තියකින් පසුවූ රනිල් වික්‍රමසිංහ මහතා පසුව සිය ස්ථාවරය වෙනස් කරගෙන ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් පිරිසක් රවී කරුණානායක මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට සූදානමින් සිටියත් ඉන්දියාවේ සංචාරය සඳහා පිටත් වීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ව එයින් වළක්වා ඇති බව ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

“රවී ගැන කලබල වෙන්න එපා. ලබන අප්‍රේල් වෙනකොට එයාගේ මන්ත්‍රීකම නැතිවෙනවා” යැයි රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එවැන්නක් සිදුවන්නේ කවරාකාරයෙන්ද යන්න සියලු දෙනාටම ප්‍රහේලිකාවක් වී ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ “බලන්නකො කොහොමද වෙන්නෙ කියලා …” යනුවෙනි.

එමෙන්ම රවීගේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වූ එජාප සභාපති වජිර අබේවර්ධන මහතාට ද දෝෂාරෝපණය කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමු පවත්වා අනවශ්‍ය ප්‍රචාරණයක් ලබා නොදෙන ලෙසත් පවසා ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...