අමුතු බදු – හර්ෂ ද සිල්වා

කුකුළු කෑම සඳහා බදු ඉවත් කිරීම, සුපිරි නිවාස සඳහා වැට් බදු වැඩි කිරීම සහ මතභේදකාරී කැසිනෝ පනත් කෙටුම්පත සඳහා සිදුකළ යුතු සංශෝධන සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාවේදී සාකච්ඡා කළ බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබමින් පවසයි.

මුදල් කාරක සභාව පෙන්වාදී ඇත්තේ දැනටමත් මිලදීගෙන ඇති නිවාස ඒකක සඳහා හදිස්සියේම 15%ක බද්දක් පැනවීම සාධාරණ නොවන බවය.

කුකුළු කෑම සදහා වූ බදු ඉවත් කිරීම මගින් වෙළෙඳපොළෙහි බිත්තර මිල අඩු වියයුතු බව රාජ්‍ය මුදල් කාරක සභාව පෙන්වා දී තිබුණි.

කෙසේ නමුත් බිත්තරයක උපරිම සිල්ලර මිල රු. 43ක් ලෙස සටහන් කිරීම සදහා විද්‍යාත්මක පදනමක් නොමැති බව මුදල් කාරක සභාව සඳහන් කර තිබේ.

කැසිනෝ බලපත්‍ර නිකුත් කිරීම සදහා නියාමන ආයතනයක් පිහිටුවිය යුතු බවත් එමගින් හොඳ පාලනයක් සහිත ගෝලීය විනෝද ක්‍රීඩා මෙහෙයුම්කරුවන්ට මෙහි ආයෝජන සිදුකළ හැකි බවත් රාජ්‍ය මුදල් කාරක සභාව පෙන්වාදී තිබුණි.

එමෙන්ම කැසිනෝ ක්‍රීඩාව නියාමනය සදහා බොහෝ දේ කළ යුතුව තිබියදී පනතට අක්‍රමවත් සංශෝධන සිදුකිරීම රාජ්‍ය මුදල් කාරක සභාව අනුමත නොකරන බව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේය.

කිසිදු කැසිනෝහල් හිමියෙකු එක් අමුත්තෙක් වෙනුවෙන් ඩොලර් 100ක් කිසිවිට ගෙවා නොමැති බවත් අපනයනකරුවන්ට පනවන 30%ක බද්ද හා 36%ක ආදායම් බදු සලකන විට කැසිනෝ සදහා යෝජිත 10% බද්ද ප්‍රමාණවත් නොවන බවත් රාජ්‍ය මුදල් කාරක සභාව පෙන්වාදී තිබේ.

රෂිකා හෙන්නායක
2022.11.25

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...