සක්‍යා අධ්‍යාපන ආයතනයේ හිමිකරු බණ්ඩාර දිසානායකට රුපියල් එක්කෝටි හැට පන් ලක්ෂයක් ගෙවන්නැයි අධිකරණයෙන් නියෝග.

බදු ගිවිසුමක් උල්ලංඝනය කරමින් නීති විරෝධීව පානදුරේ ගොඩනැගිල්ලක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඉඳලා.

පානදුර sakkya academy high education අධ්‍යපනය ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිලි පරිශ්‍රයේ “බදු ගිවිසුම” උල්ලංඝනය කරමින් මාස හයකට අධික කාලයක් නීති විරෝධීව රැඳී සිටිමෙන් සිදුවූ අගතියට රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක (16500000.00)වන්දියක් ගෙවන්නැයි නුගේගොඩ දිසා අධිකරණය සක්‍යා අධ්‍යාපන ආයතනයට නියෝග කළේය .


පානදුර සක්‍යා academy ගොඩනැගිල්ල හිමිකාරත්වය දරණ දිල් හෝල්ඩිං පුද්ගලික සමාගම විසින් kohuwala sakya academy high education සමාගමට එරෙහිව පැවරූ බදු දී ඇති දේපල ආපසු ලබා ගැනීමේ නඩුව සලකා බැලීමෙන් පසුව නුගේගොඩ දිසා විනිසුරු කල්හාරි කේ ලියනගේ මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය .


විත්තිකාර අධ්‍යාපන ආයතනයේ විරෝධතා ප්‍රතික්ෂේප කළ දිසා විනිසුරුවරිය බදු ගිවිසුම් කාලය 2023 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වී ඇති බවත්,එසේ නීතිවිරෝධීව මාස හයකට අධික කාලයක් රැඳී සිටීම වෙනුවෙන් රුපියල් ලක්ෂ අනූ දෙකක බදු මුදලක් ගෙවන ලෙස සිය නියෝගයේ සඳහන් කර ඇත .එම බදු මුදලට අමතරව රුපියල් ලක්ෂ 72ක ඇප මුදලක් ද අධිකරණයේ තැන්පත් කරන ලෙස දිසා විනිසුරුවරිය විත්තිකාර අධ්‍යාපන ආයතනයට නියෝග කර ඇත .


2023 ජනවාරි මස 17 වැනි දින පාර්ලිමේන්තුව මගින් සම්මත කර ඇති බදු සන්තකය ආපසු ලබා ගැනීමේ පනත ප්‍රකාරව නඩු කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවට පෙන්වා දී ඇති දිසා විනිසුරුවරිය මෙම හිඟ බදු මුදල් හා ඇපය ගෙවන ලෙසට විත්තිකාර ආයතනයට වැඩිදුරටත් නියෝග කර ඇත. ඒ අනුව දින 14 ක් ඇතුලත විත්තිකාර පාර්ශ්වයට දැනුම් දී තිබෙනවා.
මෙම නියෝගය පසුගිය (නොවැම්බර්) 21 වන දින නිකුත් කළාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA සහ POCA පනත් ගේන ඕනෑම මොහොතක අපි පාර්ලිමේන්තුව වටළනවා – වසන්ත මුදලිගේ

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන "ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ...

අද (30) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී බස්නාහිර සහ...

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...