ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් හා හමුදාව අතර ගැටුම්; පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සිරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් දහස් ගණනක් අද(26)උදැසන අගුලු ලා තිබු ඉස්ලාමාබාද් අගනගරයට ඇතුළු වීමට උත්සහ ගැනීමේදී හමුදාව හා පැරා මිලිටරි බලකාය සමඟ ඇතිවූ ගැටුම් හේතුවෙන් පොලිස් හා පැරාමිලිටරි නිලධාරීන් පස් දෙනෙකු මිය ගොස් 119 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පාකිස්ථානු ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (පීටීඅයි) පක්ෂ විසින් හිටපු අගමැතිවරයා නිදහස් කර ගැනීම හා මේ වසර මුලදී දූෂිත මැතිවරණයක් යැයි පවසන දෙයින් අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් වත්මන් ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බව ප්‍රකශ කිරීමට මෙම පා ගමන සංවිධානය කර තිබිණි.

මේ හේතුවෙන් පසුගිය දින තුන තුළ අගනුවර ආරක්ෂක අගුලු දමා තිබුණු අතර අද උදැසන ඛාන්ගේ ආධාරකරුවන් දහස් ගණනක් බාධක බිඳ දමා ඉස්ලාමාබාද් වෙත ඇතුළු වූ අතර, ඔවුන් පාර්ලිමේන්තුව සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රික ගොඩනැගිලි පිහිටා ඇති අගනුවර මධ්‍යයේ පිහිටි ප්‍රදේශයක් වන “රතු කලාපය” දෙසට ගමන් කර තිබු අතර ආධාරකරුවන් 80 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙම විරෝධතාවය වෙනුවෙන් මෑතකදී සිරෙන් නිදහස් වූ ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබී සහ ඛාන්ගේ ප්‍රධාන සහායකයා වන කයිබර් පක්තුන්ක්වා පළාතේ පීටීඅයි බලකොටුවේ මහ ඇමති අලි අමීන් ගන්දාපූර් නායකත්වය දී තිබිණි.

ඉම්රාන් ඛාන් 2022 දී පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් පහ කිරීමෙන් අනතුරුව රාජද්‍රෝහීත්වය සහ ත්‍රස්තවාදය ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විට වසරකට වඩා වැඩි කාලයක් සිරගත කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ විරෝධතා අතරතුර ප්‍රචණ්ඩ ගැටුම්, කොල්ලකෑම් සහ ගොඩනැගිලි ගිනි තැබීම් – 1200කට අධික පිරිසක් අත්අඩංගුවට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පාසල්වල පවතින දුෂ්කරතා සහ ජීවන වියදම ඉහළ...

ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් රටවල් කිහිපයක දැවැන්ත විරෝධතා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 18: ජීවන වියදම...

චී…..අපේ හාමුදුරුවනේ!

උපාලි කොළඹගේ කොළඹ LNW:මට මතක් වෙනවා විදේශික හිමිවරුන් පිරිසක් ලෝක...

ප්‍රශ්න තුනයි, දවස් පහයි! ට්‍රම්ප්ගේ නව මාධ්‍ය ලේකම්වරියගේ හුළං බසී!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ...