ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව අද (26) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවේය.

2024 සැප්තැම්බර් මාසයේදී ප්‍රතිපත්තිමය වශයෙන් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 14.2ක පමණ ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ජාත්‍යන්තර ආයෝජකයින්ගේ නියෝජිත කණ්ඩායමක් වන ස්වෛරීත්ව බැඳුම්කර හිමියන්, තත්ත්කාර්ය කණ්ඩායමක් සහ ශ්‍රී ලංකාවේ දේශීය බැඳුම්කර හිමියන්ගේ එකමුතුව සමග පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මේ සම්බන්ධව එකඟතාවට පැමිණි බවයි නියෝජ්‍ය අමාතයවරයා සඳහන් කළේ.

“ද්විපාර්ශ්වීය ණය දෙන්නන් සම්බන්ධයෙන් ඒ ණය දීමේ කමිටුව සමග කළ සාකච්ඡා යම් එකඟතාවයකට පැමිණ තිබුණා ජුනි මාසය වෙනකොට. කෙසේ නමුත් ස්වෛරී බැඳුම්කරවල තිබුණු සංකීර්ණත්වය නිසාම ඒක ප්‍රමාද වෙමින් තිබුණා. නමුත් සැප්තැම්බර් මාසයේදී අපිට හැකියාව ලැබුණා බැඳුම්කර හුවමාරු කිරීමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා.ඒ බැඳුම්කර හුවමාරු කිරීමේ එකඟතාවයේදී විශේෂයෙන් සැලකිල්ලට භාජනය කළා මේ ණයවල තියන සංයුතිය එහි ව්‍යුහය, ඒ ණය ආපසු ගෙවීමේදි ඒ කාලපරිච්ඡේදය තුළදී ආර්ථිකයට වන බලපෑම. ඒ වගේම අපි දැනටමත් සම්බන්ධ වෙලා තියෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ එකඟතාවයට අනුකූලව ණය තිරසාරත්වය පවත්වාගෙන යන්න ඔනේ 95%ක් 2032 වෙනකොට. ඒ පරාමිතීන්ට අනුකූලව කලින් තිබුණ බැඳුම්කර වෙනුවට අලුත් බැඳුම්කර ඉදිරිපත් කරන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා.” යනුවෙන් මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...

ධර්මයෙන් හදන්න බැරි අය ඉන්නවා, ඒ අය හදන්න කෙවිට අතට ගන්න වෙනවා – මන්ත්‍රී රත්නසිරි

වත්මන් ආණ්ඩුවට සිදුව ඇත්තේ කඩවැටුණු සමාජයක් සුවපත් කිරීමට බවත්...