*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

හැකි සෑම බලයක්ම යොදා හෝ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරනවාමයි – ඇමති ටිරාන් (VIDEO)

රටේ නීතියක් පවතින බවත් හැකි සෑම බලයක්ම යොදා හෝ එම නීතියත් රටේ සාමයත් ආරක්ෂා කිරීමට තමන් අනිවාර්යයෙන්ම කටයුතු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අවධාරණය කරයි.

“අපි මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න ගත්තේ මාර්තු 30 වෙනිදා ඉඳන්. ඒ, හිටපු ජනාධිපතිතුමාගේ ගෙදර වටකරපු වෙලාවේ මිරිහානේ. ඒක පටන් ගත්තේ ජුබිලි කණුව හන්දියේ පොඩි උද්ඝෝෂණයකින්. ඒකෙ හිටපු අය හෙමින් සැරේ ගේ පැත්තට ගියා. තව කට්ටිය එකතු වුණා. ඒක මාධ්‍යයෙන් පෙන්නනකොට තවත් කට්ටිය ඒකට එකතු වුණා. ඊටපස්සේ ලොකූ ප්‍රශ්නයක් ඇතිවුණා. ඊටපස්සේ අප්‍රේල් 09 වෙනිදා තමයි ගෝල්ෆේස් අරගලය පටන් ගත්තේ. එතකොට මම වැඩිය විස්තර කියන්නෙ යන්නේ නෑ, මැයි 09 වෙච්ච සිද්ධීන් සියලු දෙනාම දන්නවා.

ඊළඟට ජුලි 09 වෙනිදා වෙච්ච සිදුවීමුත් සියලු දෙනාම දන්නවා. ඊළඟට ජුලි 09 වෙනිදා හිටපු ජනාධිපතිතුමා ගියා. ජුලි 13 ගරු කථානායකතුමාත් හිටියා, අපි මේ පාර්ලිමේන්තුවේ රැස්වුණා. රැස්වුණාම ඔබතුමාම දන්නවා සමහර උදවිය කළයුතු නැති දේවල් කෙරුවා. එතෙන්ට ඇවිල්ලා වර්තමාන ජනාධිපතිතුමාට ඉල්ලා අස්වෙන්න කිව්වා. සමහර රජයේ නිලධාරීන් පවා. මම හිතන්නෙ ඒගොල්ලන්ට කිසිම අයිතියක් නෑ එහෙම කියන්න. නමුත් ඒ දේ වුණා. එහෙත් ජුලි 13 අපි පාර්ලිමේන්තුව කොහොම හරි බේරාගත්තා.

එදා ඉඳන් ජනාධිපතිතුමා මට කිව්වේ මොන බලයක් හරි යොදලා නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඕනෙ කියලා. ඉතින් එදා ඉඳලා අපි මේ පෙළපාලි වගේ දේවල්, හැමදේම බලනවා. ඒ මොකද, අපි එක පාරක් බැටකාලා තියෙන්නෙ. පොඩිවට පටන් අරගෙන ඒක ඉවර වෙනකොට ලොකුවට එනවා. ඊළඟට ඒක හසුරුවා ගන්න බැරිවෙනවා. ඒක හින්දා අපි දැන් පෙළපාලි, විරෝධතා ඔක්කොම ඒ විදියට හසුරුවනවා. ඉතින් ඒකට ලොකු විරෝධයක් තියෙනවා විපක්ෂයෙන්. නමුත් අපි පුළුවන් සියලු බලය යොදලා අපි ඒක කරනවා. අපට ඒක නවත්වන්න බෑ.

ඔය ටික කරද්දී අපේ පොලිසියෙ අයට හරියට බනිනවා මේ දේවල් කරනවා කියලා. නමුත් පොලිසියේ උදවිය මොන තරම් දුක් විඳිනවාද කියලා අපි බලන්න ඕනෙ. උදේ පාන්දර යුනිෆෝම් එකක් ඇඳගෙන පාරට ආවාම සමහර වෙලාවට රෑ 10 ටත් ඒ යුනිෆෝම් එක පිටින් එක්කො පාරේ, එක්කො තව ඩියුටි එක්කට යනවා. මෙහෙම කරලා නමුත් හැම තිස්සෙම පොලිසියෙ වැරදිම පමණයි කියවෙන්නෙ. සමහර පොලිස් නිලධාරීන් වැරදි කරනවා, මම කියන්නෙ නෑ නැහැයි කියලා. නමුත් අපි පොලිසිය හැටියට – මං හිතන්නෙ තිබුණු තත්වයේ ඉඳන් – මං ළඟදී දැක්කා සමාජ මාධ්‍යවල දාලා තියෙනවා ටිරාන් පොලිසිය භූමදානය කරයි කියලා. මම එනකොට පොලිසිය භූමදානය වෙලා තිබුණෙ. 09 වෙනිදාට පස්සෙ අපි දැක්කා ගෝල්ෆේස් එකේ පොලිසියෙ අයව එළවන හැටි. පොලිසියේ 10 – 15 එළවන හැටි අපි දැක්කා. ඉතින් පොලිසිය භූමදානය වෙලා තිබුණෙ. හැබැයි දැන් පොලිසිය ඒගොල්ලන් කළයුතු දේ කරනවා. ඒක හින්දා මම මෙතන කියන්න ඕනෙ මොන තරම් විපක්ෂය වුණත් මේ ගැන කෑගැහුවත් අපි මේ දේ නවත්වන්නෙ නෑ ගරු කථානායකතුමනි.

අපි නීතියේ හැටියට කරන්නෙ. නීතියක් තියෙනවා. ඒක හින්දා මම මේ ඇමති ධුරයේ ඉන්නකල් මම ඒ දේ කරනවා. මට වගකීමක් භාරදීලා තියෙනවා. මම ඒක කරනවා. පොලිසියෙ සමහර නිලධාරීන් ඉන්නවා නම් ඒක කරන්න කැමති නැති, ඒගොල්ලන්ට යන්න පුළුවන්. ඒගොල්ලන්ට වෙන තැනක් හොයාගන්න පුළුවන්, අපට ඕනෙ තැනකට ට්‍රාන්සර් එකක් දෙන්න පුළුවන්. මේ පොලිස් නිලධාරීන් කියන්නෙත් මිනිස්සු. අහසින් කඩන් වැටිච්ච අය නෙවෙයි. ඒගොල්ලනුත් බොහොම අමාරුවෙන් මේක කරන්නෙ. දීමනා එහෙම බැලුවත් බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. නමුත් එහෙම වෙලාත් ඒ අය රාජකාරිය කෙරුවාම එක එක නිලධාරීන් තෝරලා ඒ අයට පහරදෙනවා, එයාලට විරුද්ධව නඩු දානවා. ඒ කියන්නෙ මේ හොඳට වැඩකරන නිලධාරීන්ව පස්සට තල්ලු කරන්න හදනවා. ඉතින් අපි සියලු දෙනාම ඒකට ඉඩ තියන්න හොඳ නෑ”

ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan