*
Monday, May 20, 2024
spot_img

Latest Posts

හැමෝටම තියෙන්නේ රාජපක්ෂ භීතිකාවක් – නාමල් රාජපක්ෂ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහින්ද යනු බිමේ දේශපාලනය හොදින් හදුනන දේශපාලඥයකු බවත්, මඩ ගල් මුගුරු හොදට පුරුදු අයෙක් බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය. බදු අඩුකර ජනතාවට සහන සැලසීම විපක්ෂයට පෙනෙන්නේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතු වරදක් ලෙසටදැයි මාධ්‍ය මගින් විමසූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් නාමල් මහතා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් පරාජය කර යුද්ධය අවසන් කල පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාව යුධ අධිකරණයට ගෙන ගොස් අනතුරුව ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එල්ටීටීඊ හිතවාදීන් උත්සාහ කල බවත් ඉන් අනතුරුව යහපාලන කාලයේ ඩොලර් බිලියන ගණන් විදේශයන්හි සගවා ඇති බවට අභූත චෝදනා එල්ල කරමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට උත්සාහ කල බවත් අරගලය වෙලාවේ මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට තැත්කල බවත්, දැන් බදු අඩුකොට ජනතාවට සහන සැලසීම නිසා ආර්ථිකය බංකොලොත් කලා යැයි පවසමින් ප්‍රජා අයිතිය අහෝසි කිරීමට තැත්කරන බවත් මේවා හුදු ජනප්‍රිය වීම සදහා විපක්ෂය විසින් සිදු කරන නාටක බවත් නාමල් රාජපක්ෂ පැවසීය.

තවමත් බිමේ ඡන්දය ඇත්තේ තනි පුද්ගලයකු ලෙස මහින්ද රාජපක්ෂට වන අතර විපක්ෂයේ ඉන්න සියළු දෙනාට ඇත්තේ රාජපක්ෂ භීතිකාවක් බව නාමල් රාජපක්ෂ පැවසීය.මහින්ද රාජපක්ෂ හැමදාම තීන්දු තීරණ ගත්තේ ජනතාව වෙනුවෙන් බවත් බොහෝ නායකයින් යුද්ධය ඉවර නොකර ජාත්‍යාන්තරය සතුටු කල බවත් තවත් සමහර නායකයින් ත්‍රස්තවාදීන්ට ආයුධ පවා ලබාදුන් බවත් නාමල් තවදුරටත් පැවසීය. නමුත් මහින්ද ජනතාව හැර කවුරුන්වත් සතුටු කර තම බලය ආරක්ෂා කර ගැනීමට නොගිය බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කලේය.

මහින්ද යනු බිමේ දේශපාලනය හොදින් හදුනන දේශපාලඥයකු බවත් මඩ ගල් මුගුරු හොදට පුරුදු අයෙක් බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.බදු අඩුකර ජනතාවට සහන සැලසීම විපක්ෂයට පෙනෙන්නේ ප්‍රජා අයිතිය අහෝසි කල යුතු වරදක් ලෙසටදැයි නාමල් රාජපක්ෂ විපක්ෂයෙන් ප්‍රශ්න කරන බවද පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan