*
Friday, May 3, 2024
spot_img

Latest Posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසවල අය වීමට තිබූ මිලියන 16ක මුදල විදුලි බිල් ගෙවලා නෑ විගණනයෙන් හෙලිවෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2022 වසර අවසන් වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසවල විදුලි සැපයීම වෙනුවෙන් අය වීමට නියමිත ව තිබූ රුපියල් මිලියන 16ක මුදලක ගෙවීම් පැහැර හැර ඇති බව අනාවරණය වී තිබේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව 2022 වර්ෂයට අදාළ ව නිකුත් කළ වාර්තාවට අනුව විදුලි සම්බන්ධතා 74ක් සඳහා වන ගෙවීම් මෙලෙස පැහැර හැර ඇති බව වාර්තා වන අතර, එම සම්බන්ධතාවලින් 29කට අදාළ රුපියල් මිලියන 05ක මුදලක් වසර 06ක කාලයක් පුරා අය කර ගෙන නොමැති අතර, තවත් සම්බන්ධතා 30කට අදාළ රුපියල් මිලියන 03ක් වසරකට වැඩි කාලයක් අයකරගෙන නොමැති බව අනාවරණය වී ඇත.

මේ අතර, 2022 වර්ෂය සඳහා නිසි අනුමැතියකින් තොර ව විදුලි බල මණ්ඩල සේවකයන් සඳහා ඉංජිනේරු දීමනා, දිරි දීමනා හා තාවකාලික දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 418ක් වැය කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ වාර්තාවට අනුව ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් සිදු කර තිබූ හෙජින් ගනුදෙනුව හේතුවෙන් පසුගිය දෙසැම්බර් 31 වැනි දින වන විට රුපියල් මිලියන 14,028ක පාඩුවක් සිදු ව ඇති බවත්, ඊට අදාළ ව සංස්ථාවට එරෙහි ව පෞද්ගලික බැංකුවක් විසින් අමෙරිකානු ඩොලර් මිලියන 8.6ක අයිතියක් ඉල්ලා ගොනු කළ නඩුවක් ද තවදුරටත් විභාග වෙමින් පවතින බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

තවද, මෙරට ලියාපදිංචි නොවූ ආයුර්වේද වෛද්‍යවරුන් 18,516 දෙනෙකු සිටින බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

ආයුර්වේද වෛද්‍යවරුන් වසර 05කට වරක් සිය ලියාපදිංචිය යාවත්කාලීන කිරීම සිදු කළ යුතු වුව ද අදාළ වෛද්‍යවරුන් පිරිස සිය ලියාපදිංචිය අලුත් කිරීමක් සිදුකර නොමැති බව වාර්තා වේ.

තවද, පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දින වන විට ලියාපදිංචි පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් 26,650 දෙනෙකු අතරින් 3,827 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වී තිබුණ ද ඒ පිළිබඳ නිවැරදි තොරතුරු යාවත්කාලීන කිරීමක් සිදු ව නොමැති බව ද සඳහන්ය.

මේ හේතුවෙන් මියගිය වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි සහතික අවභාවිත කිරීමේ ඉඩකඩක් පවතින බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

මේ අතර, මෙරට පවතින ලංකා සතොස අලෙවිසැල් 452 අතරින් අලෙවිසල් 193ක් අලාභ ලබන බව අනාවරණය වී ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසර තුළ ලංකා සතොස ලබා ඇති අලාභය රුපියල් මිලියන 288ක් බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan