මහ වැසි හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු 08ම විවෘත වෙයි!

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

නොවැම්බර් 27, (LNW)කොළඹ: අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය දොරටු සියල්ලම වාන් දැමීම අද (27) පස්වරුවේ ආරම්භ විය.

කියුබික් ඝන මීටර් මිලියන 721ක උපරිම ධාරිතාවයෙන් යුක්ත එම ජලාශයේ වාන් දොරටු මගින් තත්ත්පරයට ඝන මීටර් 500ක ජල ධාරිතාවයක් පහළ රන්දෙණිගල ජලාශයට මුදා හැරෙන බව වේල්ල භාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පැවසීය.

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 08ක් විවෘත වීම හා වික්ටෝරියා ජල පෝෂක කලාපයට අඛණ්ඩව ඇද හැලෙන වැසි හේතුවෙන් මෙම වාන් දැමීම ඉදිරි පැය කිහිපය තුළ ක්‍රියාත්මක වන බවත් ඒ අනුව තව පැය කිහිපයකින් රන්දෙණිගල ජලාශය වාන් දමන බව මහවැලි වේලි භාර ප්‍රධාන ඉංජිනේරු ඩී.එම්.ධර්මදාස මහතා සඳහන් කරයි.

වාන් දැමීමෙන් පසු මසුන් ඇල්ලිම සඳහා රක්ෂිත කලාපය ඔස්සේ පහළ මහවැලි ගංගාවට පැමිණීම බෙහෙවින් අනතුරුදායක වන බැවින් නිරන්තරයෙන් සිදුවන වාන් දැමීම් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ඒ මහතා මහජනතාවට දැනුම් දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...

මොස්කව්හි කාර් බෝම්බයක් පුපුරා යාමෙන් රුසියානු ජෙනරාල්වරයෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ...

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රු. බි. 06ක ලාභය භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : ලංකා ඛනිජතෙල් නීතිගත...