ට්‍රම්ප්ට එරෙහිව හඬ නැඟූ ස්පාඤ්ඤ අගමැති පෙද්‍රෝ සැන්චෙස්ට මැතිවරණ ජයග්‍රහණය ගැන දැඩි විශ්වාසයක්!

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27:
ලෝක දේශපාලනයේ කැපීපෙනෙන චරිතයක් බවට පත්ව සිටින ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චෙස්ට මෙවර මහ මැතිවරණය සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී සිය රටේ ජනතාවගේ ආරක්ෂාව සහ ජාතික ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ විවේචනය කළ සැන්චෙස්, මෙවර මැතිවරණයේදී දේශපාලන අභියෝග රැසකට මුහුණ දෙමින් සිටියි.

දක්ෂිණාංශික පක්ෂ ඉදිරියෙන් සිටින බවට ජනමත සමීක්ෂණ පෙන්වා දුන්නද, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා එළඹෙන මහ මැතිවරණයෙන් තමන් ජයග්‍රහණය කරන බවට දැඩි විශ්වාසයක් පළ කර තිබේ.

නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට නියමිත හදිසි මහ මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අවසන් වෙමින් පවතින පසුබිමක ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත.

මැතිවරණයට පෙර නිකුත් වූ ජනමත සමීක්ෂණ බොහොමයකින් පෙන්නුම් කරන්නේ ඇල්බර්ටෝ නුනෙස් ෆෙයිහූගේ නායකත්වයෙන් යුත් කොන්සර්වේටිව් ජනතා පක්ෂය (PP) සහ අන්ත දක්ෂිණාංශික වොක්ස් (Vox) පක්ෂය එක්ව බලය ලබාගැනීමට ඉදිරියෙන් සිටින බවයි.

එහෙත් සැන්චෙස් පවසන්නේ තම සමාජවාදී කම්කරු පක්ෂය (PSOE) වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් කුඩා වාමාංශික පක්ෂවල සහාය ඇතිව පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගන්නා බවයි.

සිකුරාදා දිනයේ SER ගුවන්විදුලි නාලිකාව සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට මැතිවරණ පරාජයක් සිදුවනු ඇතැයි සිතාගත නොහැකි බවයි.

ස්පාඤ්ඤයේ නිවාස මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ සාමාන්‍ය ජනතාවට නිවාස ලබාගැනීමේදී මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතා මෙවර මැතිවරණයේ ප්‍රධාන දේශපාලන මාතෘකා අතරට එක්ව ඇති අතර තම රජය නැවත බලයට පත්වුවහොත් නිවාස ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට කටයුතු කරන බව සැන්චෙස් පවසා ඇත.

විශේෂයෙන්ම යුරෝපය පුරා දක්ෂිණාංශික දේශපාලන බලවේග ශක්තිමත් වෙමින් පවතින පසුබිමක ස්පාඤ්ඤයේ වාමාංශික රජය සිය බලය රැකගැනීමට දරන උත්සාහය කලාපීය දේශපාලනයටද වැදගත් වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මම පුද්ගලිකවම දින ගණනාවක් කඩදාසි ඇති තරම් එළාගෙන ප්‍රස්තාර ඇඳ ඇඳ පාට කර කර අයවැය තුලනය කළා – ජනපති

තමන් ඉදිරිපත් කළ 2027 අයවැය ලේඛනය තුලනාත්මක අයවැය ලේඛනයක්...

ටයිසන් ෆියුරිගේ මානසික සෞඛ්‍ය ප්‍රකාශය ඉල්ලා අස්කර ගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: පැරිස් ෆියුරි විසින් ටයිසන්...

ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළෙන් ශ්‍රී ලංකාවට විශාල විශ්වාසයක් !

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ...

S & P ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දමයි !

ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩඩ්...