රන් ආභරණ පැළඳ එන ගුවන් මගීන්ට අලුත් තහනමක් … (VIDEO)

Date:

ගුවන් මගීන්ට මෙරටට ඇතුළු වීමේදී කැරට් 22 ට වැඩි රන් ආභරණ පැළඳගෙන පැමිණීම තහනම් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

“සැබෑ ස්වර්ණාභරණ නෙවෙයි, ස්වර්ණාභරණ ලෙස සැකසූ රත්‍රන් දම්වැල් පවා රැගෙන ඒම තුළින් දිනකට මේ ජාවාරම්කරුවන් කිලෝ 50ක වැනි රත්‍රන් ප්‍රමාණයක් දිවයිනට ගෙන එන තත්වයක් උදාවෙලා තිබුණා. විශේෂයෙන්ම ඒ තුළින් ඩොලර් මිලියන 30කට අධික මුදලක් විදේශ විනිමය අහිමිවීමක් මාසිකව සිද්ධ වෙන බව වාර්තා වුණා. අපි ඒ පිළිබඳව විශේෂ තීරණයක් ගන්න සූදානම්. ලබන සතියේ අවශ්‍ය ගැසට් පත්‍රය නිකුත් කරනවා. ඒ තුළින් විශේෂයෙන්ම කැරට් 22 ට වැඩි රත්‍රන් ආභරණ ලෙස කිසිවෙකුට පැළඳගෙන එන්න බැහැ. එහෙම පැළඳගෙන එනවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම ඒ සඳහා විශේෂ බලපත්‍රයක් ලබාගත යුතුයි. සැබැවින්ම ස්වර්ණාභරණවලට භාවිතා කරන රත්‍රන් පැළඳගෙන ඒමට ප්‍රශ්නයක් නෑ. ඒ තුළ අපි බලාපොරොත්තු වෙනවා රටට අහිමි වෙන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා”

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ ඊයේ (26) දිනයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෝල්ට්‍රීම් වතුයායේ වතු කම්කරුවන්ට නව නිවාස ඉදිකිරීම් ඇරඹේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඊයේ (04) දින...

2026 නව පාසල් වාරය අද ඇරඹේ – නව විෂය මාලා ආරම්භය ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අද (05) සිට 2026 නව පාසල් වාරය...

කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

කොළඹ LNW: කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ...

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක් !

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඉදිරියේදී ,...