රන් ආභරණ පැළඳ එන ගුවන් මගීන්ට අලුත් තහනමක් … (VIDEO)

Date:

ගුවන් මගීන්ට මෙරටට ඇතුළු වීමේදී කැරට් 22 ට වැඩි රන් ආභරණ පැළඳගෙන පැමිණීම තහනම් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

“සැබෑ ස්වර්ණාභරණ නෙවෙයි, ස්වර්ණාභරණ ලෙස සැකසූ රත්‍රන් දම්වැල් පවා රැගෙන ඒම තුළින් දිනකට මේ ජාවාරම්කරුවන් කිලෝ 50ක වැනි රත්‍රන් ප්‍රමාණයක් දිවයිනට ගෙන එන තත්වයක් උදාවෙලා තිබුණා. විශේෂයෙන්ම ඒ තුළින් ඩොලර් මිලියන 30කට අධික මුදලක් විදේශ විනිමය අහිමිවීමක් මාසිකව සිද්ධ වෙන බව වාර්තා වුණා. අපි ඒ පිළිබඳව විශේෂ තීරණයක් ගන්න සූදානම්. ලබන සතියේ අවශ්‍ය ගැසට් පත්‍රය නිකුත් කරනවා. ඒ තුළින් විශේෂයෙන්ම කැරට් 22 ට වැඩි රත්‍රන් ආභරණ ලෙස කිසිවෙකුට පැළඳගෙන එන්න බැහැ. එහෙම පැළඳගෙන එනවා නම් ඔවුන් අනිවාර්යයෙන්ම ඒ සඳහා විශේෂ බලපත්‍රයක් ලබාගත යුතුයි. සැබැවින්ම ස්වර්ණාභරණවලට භාවිතා කරන රත්‍රන් පැළඳගෙන ඒමට ප්‍රශ්නයක් නෑ. ඒ තුළ අපි බලාපොරොත්තු වෙනවා රටට අහිමි වෙන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා”

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව පැවසුවේ ඊයේ (26) දිනයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...

අනුර,රනිල් සහ මෛත්‍රී වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව...

සඳ පහන් රැයේ මේ සොඳුරු සිහිනයේ සැතපෙන්න! 

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : සිංහල භාෂාවේ ඇති...